හිටපු ආණ්ඩුකාර සෙන්දිල් ත්‍රිකුණාමලයේ  ජැටියක් අවන්හලක් දාන්න මෙන්ඩ්ස් සමාගමට ලබාදිලා

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය voc ජැටිය නිසි ක්‍රමවේදයකින් තොරව සුපිරි අවන් හලක් හා තැබෑරුමක් ඉදිකිරීමට බදු දීමට කටයුතු කිරීම නිසා එකී ඉදිකිරීම් අතරමග ඇන හිට ඇත.

හිටපු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ අනුදැනුමින්, නැගෙනහිර පළාත් සංචාරක කාර්‍යාංශයේ හිටපු සභාපති මදනවාසන් විසින් තැබෑරුමක් හා සුපිරි අවන් හලක් පවත්වාගෙන යාමට මෙන්ඩිස් සමාගමේ හවුල්කාරීත්වයට සිය හිතවත් කම් මත මෙලෙස බදු දී ඇතිමුත් වරාය අධිකාරියෙන් මෙම ජැටිය නිසිලෙස පවරා නොදීමත්,  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාල අනුමැතිය ලබා නොදීමත් හේතුවෙන් මෙම කටයුතු ඇනහිට ඇත.

මසකට ලක්ෂ 3 ක බදු මුදලකට යටත්ව මෙම ජැටිය සංචාරක ආකර්ශනය දිනාගනු ලබන අවන් හලක් හා තැබෑරුමක් ලෙස ඉදිකිරීමට සුදානම් කර තිබුණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ ජැටියක් මෙලෙස පවරාදීමට කිසිදු  හැකියාවක් නොමැතිව තිබියදී පළාත් සංචාරක කාර්‍යාංශයේ සභාපති මදනවාසන් සිය අභිමතය පරිදි මෙම අවන් හල හා තැබෑරුම ඉදිකිරීමට අදාල සංවර්ධන කටයුතු සඳහා ලබාදී ඇති බව අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *