VOICE OF SRILANKA ට නව වසරට අවුරුද්දයි.

voiceoflanka වෙබ් පුවත් අවකාශය ඔබවෙත ගෙන එන්නේ මිට වසරකට පෙර අදවන් දිනයකය.ඒ වනවිට රටේ කොතරම් මාධ්‍ය පැවතියද ජනතාවට දැනගත යුතු සත්‍ය ත්‍රාඩ දේශපාලඥයන් විසින් යටපත් කර ගෙන සිටියේය. පවතින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ද තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන මොහොතක තොරතුරු පිපාසයෙන් සිටි පාඨකයින්ට voiceoflanka වෙබ් අඩවිය මහත් අස්වැසිල්ලක් විය.
ඒ අනුව දේශපාලඥයන්ගේ මෙන්ම රටේ නිතිය හා සාමය රකින පොලිස් නිළධාරින්ගේ මෙන්ම දුෂිත රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු වෙනත් නම්දරාපු මාධ්‍ය ආයතන සගවද්දි අප ඒවා නම්ගම් සහිතව රටේ ජනතාවට දැනගැනිමට කරුණු සහිතව හෙළි කළේය. එම හෙළි කිරිමේ දී අපට ගල් මෙන්ම මල්ද ගලා ආවෙිය. එයින් අගතියට පත්වුවන් අප සමග කිපි වෛර බැන්දේය. එයින් කුඩා හෝ වාසියක් අත්වුණේ වත්මන් ජාතික ජන බලවෙිගයට බලයට ඒමට බව ද නොකියාම බැරිය.
එසේ කලා කියා අප වත්මන් ආණ්ඩුව කරන හොද පමණක් ලිවිමට බලා පොරොත්තු නොවන අතර නව ආණ්ඩුවේ වැරදි , දුෂණ පෙන්වා දෙන්නේ එවා නිසි මාර්ගයට ගැනිමට මිස එයින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරිමට නොවන බවද සදහන් කළ යුතුය. එහෙත් ඇතමුන් අප කරන සාධරණ විවෙිචනයන් ඔරොත්තු නොදෙන තත්වයට පත්ව ඇති බවක් පෙනෙන අතර එය හොද නැති රෝග ලක්ෂණයක් බව කිව ද යුතුය.හේතුව මිට පැවැති ආණ්ඩුවලටත් බලයට පත්වු පසු එවැනි රෝග වැලදිමෙන් සිදුවුයේ තමන් එම වැරදි හදා ගන්නවාට වඩා එවා හෙළි කරන මාධ්‍යට ගැරහිමයි. එයින් සිදුවුයේ ආණ්ඩුවල ජනප්‍රියතාවයට එවා බලපැමයි.
පසුගිය ආණ්ඩුවේ වඩාත්ම දුෂිතම වංචාව වන විදේශකයින්ට ගුවන් තොටුපලේදී විසා ලබා දිමේ එතෙක් තිබු ක්‍රමය වෙනස් කර පුද්ගලික ආයතනයකට ලබාමේ සිද්ධිය අප එකළ කිසිවෙකු හෙළි නොකරන විට නම් ගම් සහිතව හෙළි කිරිමට කටයුතු කලේය.
ඊට අමතරව ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමෙන් හිග බදු පැහැර හැර මුදල් අය කර ගැනිමට යෝජනා කළ එකළ සුරාබදු කොමසාරිස්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කළ බව හෙළි කළෙිය.
ජනාධිපති රනිල් මාස 14 ට 16වතාවක් රට ගිහින් ඇති බව රටම දැනගත්තේ අප හෙළි කල පුවතෙන් වන අතර පසුව එය එවක විපක්ෂයේ දේශපාලඤයන්ට එය හොද හපයක් බවට පත්විය.
මේ අතර ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය ගොඩනැංවිම ගොඩනගන අවසේතාවෙි එය වහාම නතර කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ නිවසට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙනෙකු ගොස් බලපෑම් සිදු කිරිමත් ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ බලපෑමත් හෙළි කළේය.
මිට අමතරව හිටපු නිතිය හා සාමය ඇමතිවරයා සිය බලය අවභාවිතා කරමින් සිදු කළ වැලිගම හෝටලයකට වෙිඩි තරබිම, මාධ්‍ය සංදර්ශනයක්වු යුක්තියේ මෙහෙයුමේ නාඩගම්, ඔහුගේ සුචකීකරු ගෝලයන්වු පොලිස්පති දේශබන්දු , කොලඹ අපරාධ කොටඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වාගේ හා රථවාහන භාර අධ්‍යක්ෂ කමල් පුෂ්ප කුමාර යන අයගේ නිතී විරෝධි ක්‍රියා තොරතුරු සහිතව හෙළි කිරිමට කටයුතු කළේය.
ඊඨ අමතරව තම නිළබලය උපයෝගි කර ගෙන අයථා වත්කම් ඉපයු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෙවත් ලොකු රාලහාමිගේ ක්‍රියා කළාපය, ත්‍රිකුණාමළය ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ නිලධාරින්ට තිබු බලපැමි ඇතුලු පොලිසියේ විවිධ තරා තිරම්වල නිළයන්ගේ තොරතුරු හෙළි කිරිම නිසා පොලසිය සබැදි පුවත් අපවෙත් වැඩි නැඩියෙන් ගලා ආවෙිය. අදටත් එය එසේමය. සමහරු ඒ නිසා පොලිස් වෙබි එක යනුවෙන් හැදින්විමට පටන් ගත්තේ ඒ නිසාවෙනි.
මෑතකදී අප හෙළිකළ දඹුල්ල පොලිස්යේ අනුග්‍රහයෙන් නගරයේ පෙර පැවති ක්‍රමයටම පදික වෙළදාමෙි නිරත ව්‍යපාරිකයින්ගෙන් හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ බාල සොහොයුරු චන්න ඕපාත දෛනිකව කප්පම් මුදල් එකතු කිරිමේ සිද්ධිය හෙළි කිරිමෙන් පසු පොලිසිය ඔහුව අත්ඩංගුවය ගෙන අධිකරණයට ඉදිරිපත් කලේය.
මිට අමතරව වත්මන් ආණ්ඩුවේ පාලනය තුළ තනතුරුවලට පත් කළ පුද්ගලයන්ගේ ක්‍රියා කළාපයන් ඔවුන් සිදුකරන සුධණ හා අක්‍රමිකථා සාක්ෂි සහිතව හෙළි කළ අතර ඒ අතර ධිවර සංස්ථාවෙි සභාපතිවරයා, තෙල් සංස්ථාවෙි සභාපතිවරයා,නිතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකවරයා ආදි අය සමිබන්ධයෙන් කරුනු අප හෙළි කලේය.
මේ අප සදහන් කලේ මේ වර්ශයක කාලය තුලධි අප කළ කී දෑවලින් කොටසක් පමණි.එසේ අප හෙළි කළ පුවත්වල ධනය වන පාඨක ඔබ වන අතර එහි ප්‍රථිපලයක් ලෙස අප වෙඩි අඩවිය ගෙවුණු වසරක කාලයේදී අනෙකුත් පුවත් වෙඩි අඩවි පසු කර ගෙන ඉදිරියට පැමිණිමට හැකියාව ලැබුණේ ඒ ඔබගෙන් ලැබුණු දායකත්වය නිසාවෙිණි.පුවත් වෙබි අඩවියට වසරක් ගතවන මොහොතේ ඒ සමග රැදි සිටි ඔබට ස්තූතිය පුදකරන අතරේ නව වසරේ අලුත් ආරකින් සිය පුවත් අවකාසය තුළින් ඔබට සමිපවී මට කටයුතු කරන බවත් ලැබුවාවු නව වසර සුභ පැතුම් පුරෝගන සිටින සිටලු රටවැසි පාඨකයින්ට සුභ නවවසරක් වෙිවායි voiceoflanka ප්‍රාර්ථානා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *