අත්‍යාවශ්‍ය ආහාර  සැපයුම් මාෆියාව  හා  නිලධාරි මාෆියාව නිසා සතොස ගොඩ දාන්න අමාරුයිලු 

ලංකාව පුරා විසිරි ඇති ලංකා සතොස අළෙවි ශාඛා 500 කට ආසන්න සංඛ්‍යාවක්  සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  සැපයීම කාලයක් තිස්සේ සිදුකරගෙන යන සැපයුම් කරුවන්  ආණ්ඩු මාරුවීමත් සමග සිය සැපයුම් අඩාල කිරීම හේතුවෙන් සතොස අළෙවි සැල් ජාලයන්හී  සහල්  ,ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි හිඟයක් ඇතිවූ බව සතොස ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම මහා පරිමාණ සැපයුම් කරුවන්ගේ මාෆියාව නිසා   සතොස වෙළඳ සැල්වල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුවීමක් සිදුවූ බවත් ,වත්මන් ආණ්ඩුව පත්වී ,නව වෙළඳ අමාත්‍ය වරයෙකු පත්වීමත්  සමග ලංකා සතොස ආයතන වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන නව සැපයුම්කරුවන්  පත්කිරීමත් සමග සතොස  වෙළඳ ආයතන වල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය  හිඟය  පහවෙමින්  තිබෙන බවද ,නාඩු සහල්  රුපියල්  230   කටද  ,ලොකු පොල් ගෙඩියක් රුපියල්  130  දක්වා  මිළකට අළෙවි කිරීමට හැකිව තිබෙන බවද සතොස ආයතනයේ  එම නිලධාරියා  වැඩිදුරටත් කීය.

සතොස මුදලාලි මාෆියාව තවමත් නැති කර ගැනිට නොහැකිවිම නිසාත්  තවමත් සතොස අරක් ගත් දූෂිත නිලධාරි මාෆියාව සතොසට සැපයුම් ලබාදෙන මහා පරිමාණ  වෙළඳ මාෆියා කාරයන්ගේ සාක්කුවේ සිටින නිසා  සතොස ගොඩ දාන එක වසන්ත සමරසිංහ ඇමති වරයාට තවමත්  නොහැකි වි  තිබෙන බව  සතොස සේවකයන් පවසයි.

අද වන විට සතොසට හාල්  පොල් සීනී  පරිප්පු  අර්තාපල්  බී ලූණූ සපයන මහා පරිමාණ  සැපයුම් කරුවන්ගේ ඒකාධිකාරය බිඳ දමා නව සැපයුම් කරුවන්ට  සතොසට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට ඇමති වරයාට  ශක්තිය  ලැබුණොත් සතොස   ගොඩගත හැකි බව සතොස සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *