තවමත් පොලිස් අමාත්‍යංශය මෙහෙය වන්නේ ඇමති ටිරාන්ද එසේ  නොමැතිනම් ඔහුගේ පිල්ලිද

“පොලිස් අමාත්‍යංශයේ සහකාර ලේකම් ගිතානිගේ ටිරාන්ගේ ආලය” යන ශිර්ෂපාඨය යටතේ පසුගිය දා අප වාර්ථා  කළ  නිතිය හා සාය අමාත්‍යංශයේ  පොලිස් අංශය භාර ජේෂ්ඨ සහකාර ලේකම් ගිතානි අතුකෝරළගේ  ක්‍රියා කළාපය හා දුෂණ අක්‍රමිකථා සම්බන්ධයෙන් හෙළි කර  දින දෙකක් තුළ ශ්‍රි ලංකා පොලිසියේ පරිඝණක විමර්ශන  එකකය විමර්ශනයක් සිදු කර එම පුවත මඩ  පුවතක් ලෙස හුවා දක්වමින් වහාම එය වෙබ් අඩවියෙන් ගලවා ඉවත් කරන ලෙසට දන්වමින් අප වෙත දන්වා තිබේ.

අප හෙළි කලේ   විෂය භාර ඇමතිවරයාව සිටි විජිත හේරත් මහතා  අමාත්‍යංශයට පැමිණි දින ඇය හැසිකරුණු ආකාරය හා ඇය ඊට පෙර රාජකාරි කටයුතු කළ ආකාරය සහ එහි දී උපයා ගත් අයථා වත්කම් සම්බන්ධ තොරතුරු  වෙි.ඇමතිවරයා පැමිණි දින සිදුවු සිදුවිම ජාතික පුවත්පත්ද එම සතියේ වාර්ථා කර තිබු ආකාරය මෙම පරිඝණක විර්ශන එකකට නොදැකිම කණගාටුවට කරුණකි .

අප හෙළිකළ කරුණු සමිබන්ධයෙන් ඊට පසු දින ආමාත්‍යංශ ලේකම් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඇයව කැදවා අවවාද කර ඇයට එරෙහිව ඇති දුෂණ හා අක්‍රමිතකථා සමිබන්ධයෙන් වහාම විමර්ශණයක් කරන ලෙසට අල්ලස් හා දුෂණ විමර්ශන අංශයට දන්වන බව පවසා ඇත.

එවන් තත්වයක් මත පරිඝණක අපරාධ කොට්ඨශට  එම පුවත මඩ පුවතක් බවත්,එය ගලවා ඉවත් කරන ලෙසට දන්වන ලෙස එම ඒකකයට නියෝග කර ඇත්තේ කවුරුන්ද යන්න ගැටලු සහගතය.සාමාන්‍යයෙන් ඇයට එල්ලවී ඇති චෝදනාවක් නිසා ඇයම එම නියෝගය ලබා දිය නොහැකිය.එසේ නම් එම නියෝගය අමාත්‍යංශ ලේකම්වරයා හෝ අතිරේඛ ලේකම්වරයා ලබා දිය යුතුය.එහෙත් ලේකම්වරයා පුවත පළ වු පසු  ඇයට කළ අවවාදය අනුව එය එසේ සිදුවාවද යන්න සැක මතුවෙයි.එසේ නොමැතිනම් පුවතට පාදකවු හිටපු පොලිස් ඇමති ටිරාන් එම නියෝගය  පරිඝණක අපරාධ කොට්ඨශට ලබා දිය යුතුය.එය එසේ සිදුවුවානම් වර්ථමාන පොලිස් ඇමතිවරයා හා ලේකම්වරයා මේ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතුය.එසේ නොවන්නේ නම් ඇය පසුගිය සති අන්තයේ පහළ සේවකයින් සමග ගිය විනොද චාරිකාවෙිදී වර්ථමාන ආණ්ඩුවේ පාලකයින් හා නිලදාරින් විවෙිචනය කරමින් කළ කී දෑ ද අප හෙළි කිරිමට පසු බට නොවෙමු.

ඒ අනුව අප එදා  හෙළි කළ පුවතට  ආදළ සබැදියාව පහතින් වේ.

https://www.voiceofsrilanka.com/?p=4646

Leave a Reply

Your email address will not be published. Required fields are marked *