දිගින් දිගටම පාඩු ලබන ගුවන් සේවා හා ගුවන් තොටුපල සමාගමට පත්කළ නව පරිපාලනයද පරණ පාරේ ගමන් කිරිම නිසා ඇතිවු වෙනස පුටුවල මුහුනු මාරුවිමක් පමණක් බව සේවකයෝ පවසති.
හාරදහසකට ආසන්න සේවකයින් පිරිසක් සේවය කරන ගුවන්තොටුපලේ පැරණි පාලන සමයේ සිදුවු දුෂණ හා අක්‍රමිකතා එලෙසම සිදුවන අතර නව පරිපාලනයෙන් එබන්දක් බලාපොරොත්තු නොවු බව සදහන් කළ යුතුය.එසේ කිරිමට නම් පැවති පාලනය ජනතාවට තබා ගැනිමට අවස්ථාව තිබු බව මේ පාලකයින්ට කෙටි කළකින්ම අමතක වී ඇති බව පෙණේ.
සමාගමේ එකක 24 ඇති අතර නව පාලනය පැරණි එම එකකවල සිටි ප්‍රධානින්ගෙන් තොරතුරු මත තවදුරටත් කටයුතු කරන අතර අඩුම තරමේ තුන්වන , හතරවන මට්ටමේ නිලධාරින් හමුවී ඇති ප්‍රශ්ණ ගැටලු සාකච්චා කිරිමට කටයුතු කර නොමැති අතර පැය විසිහතරම වැඩ කරන ආයතනයක ආදාළ බළධාරින් උදේ නවයට පැමිණ සවස හතරට සේවය නිමාවී නිවෙස් බලා යන කාර්යාල සේවකයින් බවට පත්ව ඇත.
සමහර එකකවල සේවක අතිරික්තයක් පැවතියද එම එකකවලින් සිදුවිය යුතු සේවාවන් පිටතින් කුළි පදනම මත සිදු කරයි.
ගස්වල අතු කැපිමට සේවකයින් සිටියදී පිටතින් කුළියට ගෙන අතු කපයි. ඊට හේතුව මේසදහා බදවා ගෙන සිටින වැඩි පිරිසක් පැවති ආන්ඩුවල ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් වන අතර ඔවුන් රාජකාරියට වාර්ථා කර පිටතට ගොස් තැබැරුම්වල සිටින ආකරය පරික්ෂා කළහොත් සොයා ගැනිමට හැකිය.
වාහන තුන්සියකට වැඩි ප්‍රමාණයක් ඇති ආයතනයේ ටයර්වල පැච් දැමිමටද පිටතට යාමට සිදුවිම ගැනවත් බලධාරින්ගේ අවධානය යොමුනොවිමෙන් මෙහි ඇති පරිපාලනයේ තරම මනාව පැහැදිලි වෙි.
ඊට අමතරව සිවිල් ඉංජිනේරු අංශය, නිර්මාණ අංශය ද මේ ආකාරයට අකාර්යක්ෂම එකක ලෙස වාර්තාවෙි.දිගින් දිගට ජනතාව තලා පෙලා කටයුතු කරන ජාවාරම්කරුවන්ගේන් එවා මුදා ගැනිමට නිසි වැඩ පිළිවෙළක් නොමැති අතර වෙනත් රටවල ඇති තාක්ෂණ ක්‍රම අනුගමනය නොකරන බව සදහන් වෙි.
රටේ ප්‍රධානතම ගුවන් තොටුපළ වන කටුනායක ගුවන්තොටුපළේ සිදුවන අක්‍රමිකතා නිසා රටට ඇති වන අපකිර්තිය නිම කළ නොහැකි අතර විදේශ මුදල් මාරු කිරිම, ශ්‍රමිකයින් විදේශගතවිමේ ජාවාරම, අපරාධකරුවන් විදේශ ගත කිරිම් ආදි කටයුතු සිදුවුවත් එවා නිස් විශ්ලේශනයක් කිරිමට කටයුතු නොකිරිම ගැටලුවට කරුණකි.වෙනත් රටවල ගුවන් තොටුපළවල ඇති ඉතා උසස් තාක්ෂණික උපකරණ, ආක්ෂිත කැමරා ආදිය පමණක් නොව ඒ සදහා වෙස්වලාගත් ආවෙිශන නිළධාරින් යොදවා ජාවාරම්කරුවන් හසුකර ගැනිමේ කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවිමෙන් ජාවාර්කරුව්ගේ තෝතැන්නක බවට කටුනායක ගුවන්තොටුපළ පත්ව ඇත.
ලෝකයේ සැම ගුවන්තොටුපළකට පොදු ප්‍රවාහන බස් හා දුම්රිය පහසුකම් ඇතත් කටුනායක ගුවන්තොටුපළට බස් රථයකින් යන මගියෙකුට ඇවරිවත්තෙන් බැස ත්‍රිරෝද රථයකින් ගමන් කිරිමට සිදුව තිබෙි.එහෙත් ත්‍රිරෝද රථවලට ගුවන් තොටුපළට ඇතුලුවිමට නොදෙන නිසා ඊට ආසන්නයෙන් බැස රැගෙන එන කිලෝ ගණන් බර බැග් කර තබා ලෙන හෝ ඇදගෙන යාමට මගින්ට සිදුව ඇත. මෙම අත්දැකිම විදේශිකයන් නුහුරු බව මෙහි පාලනය කරන අය දැනගෙන නොදන්නවා ලෙස සිටිම කනගාටුවට කරුණකි.මිට පෙර කටුනායක ගුවන්තොටුපලේ සිට ආරම්භවු බස් සේවාවන් මෙිවනවිට නතරවී ඇත්තේ පසුගිය පාලනකාලයේ සිය දේශපාලන හෙන්චයියන්ගේ බලය නිසා වුවත් අදවන විට ඒ බාධා නොමැති නිසා රටේ ප්‍රධාන ආදායම් ඉලක්කයක් වී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවිමට මෙම පහසුකම් නගා සිටුවිය යුතුය.
ඊට අමතරව ලොකයේ ඕනැම ගුවන්තොටුපළකින් පැමිණෙන මගියෙකුට තමන් කැමති ආයතනයක කුළි රථයක් ඇනවුම් කළ හැකි අතර ඒ සියලුම ගාස්තු සමානව අයකෙරෙයි. එහෙත් ගුවන්තොටුපළ තුළ ඇති කුළිරථයකින් කොලඹට පැමිනිට රුපියල් දසදහසකට ආසන්න මුදලක් අයකරනප අතර පික්මී හෝ ඌබර් යන ආයතනවල වාහනයකින් කොලධට පැම්ණිමට අයකරනුයේ රුපියල් හාරදහසක මුදලකි. ඊට අධිවෙිගි මාර්ගයේ ගාස්තුව හා එම ආයතනවලින් ගුවන්තොටුපළට ගෙවිමට ඇති රුපියල් 800ක මුදලත් ඇතුලත්වය.මෙවන් තත්වයක් තුල ගුවන්තොටුපලේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදි පැරණි ගියපාරෙම යාමට ඉඩ හැර තිබිම කණගාටුවට කරුණකි.