රටේ ජනතාව තෙලේ බැදෙද්දි තෙල් සංස්ථා සේවකයින්ට බිලියන හතරකට වැඩි ප්‍රසාද දිමනාවක්

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙි සභාපතිවරයා මුදල් අමාත්‍යංශයේ නියෝගයට පිටුපා සිය දිමනාව වැඩි කර ගත් ආකාරයට එහි සේවකයින්ට වාර්ෂික ප්‍රසාද දිමනා ද ගෙවා ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව හාරදහස් දෙසියකට ආසන්න සේවකයින් සදහා එක් එක් සේවකයාගේ මාසික වැටුප හා මාසිකරුපියල්  5200 වන ජිවනාංක දිමනාව ද ප්‍රසාද දිමනාව ලෙස ගෙවා ඇත.

සංස්ථාවේ සේවය කරන පහළම සේවකයාගේ දිමනා සමග වැටුප රුපියල් එක්ලක්ෂ විසිදහසක් පණ වන අතර ඉහළ වැටුප් ලබන නිළධාරියෙකුට රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් ලැබෙන බව වාර්ථාවෙි.

කෙසේ වෙතත් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය සංස්ථා සදහා වාර්ෂික ප්‍රසාද දිමනා ලබා දෙන ආකාරය සදහන්  චක්‍රලේඛණයක්  අංක පී ඊ ඩී 03/2024 යටාත් පසුගිය 23 දින නිකුත් කළේය.

ඒ සදහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන අතර ගැටලු ඇති ආයතනවලට අමාත්‍ය මණ්ඩලයේ අවසරය ලබා ගතයුතුය.එහෙත් සාමුහික ගිවිසුමක් නොමැති තෙල් සංස්ථාව මෙම ප්‍රසාද දිමනා ගෙවිමට අමාත්‍ය මණ්ඩල අවසරය ලබා නොගෙන මුදල් අමාත්‍යංශයේ චක්‍ර ලේඛණය ද උල්ලංඝණය කරමින් රටේ ජනතාව තෙලෙන් බැදි සිටින මොහොතක බිලියන හතරකට වැඩි මුදලක් ප්‍රසාද දිමනා ලෙස ලබා ගැනිමට නව ආණ්ඩුවෙන් පත් කළ පාලකයින්ම කටයුතු කිරිම ඛෙදජනකය. එහෙත් මෙම නිතිය විදුලි බලමණ්ඩල සේවකයින්ට වලංගු නොවිම ගැන එහි සේවකයින්ද කනස්සල්ලට පත්ව සිටියි

ඒ අනුව වර්ෂයේ බදු ආදායමෙන් සියට 30ක් එකාබද්ධ අරමුදලට බැර කර ඇති ආයතන සදහා රුපියල් විසිපන්දහසක්ද,කාර්ය්‍ය සාධන හෝ වෙනත් දිරි දිමනා ගෙවන ආයතන සදහා රුපියල් විසි දහසක් ගෙවන ලෙසට නිර්දේශ කර තිබෙි.

සබැදි පුවත්: රාජාලා වැන්නවුන් නිසා ආණ්ඩුව ඇනගන්නවාද , ප්‍රමාද නොවි තිරණයක් ගන්නවාද – voiceofsrilanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *