ලංකා ධිවර සංස්ථාවට ලක්ෂ ගණන් පාඩු සිදු කර අධිකරනයෙන් පවා දඩුවම් ලද නිළධාරියෙකුට වත්මන් පාලනය යටතේ උසස් විමක් ලබා දිම නිසා සෙසු නිළධෘරින් දැඩි කළ කිරිමට පත්ව ඇති බව වාර්ථාවෙි.
2016 කලුතර විධානයේ කළමණාකරු ලෙස කටයුතු කළ රත්නසිරි නැමති නිලධාරියා මාලු මිලදි ගැනිමෙිදි ලියාපදිංච් පිරිසගෙන් මාලු ලබා ගන්නවා වෙනුවට පිටතින් මිලදි ගැනිම සමිබන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශයෙන් සිදු කළ පරික්ෂණයෙන් ඔහු වැරදි කරු බවට පත්ව තිබෙි.
එහිදී ඔහු රුපියල් ලක්ෂ 30 කට වැඩි ප්‍රමාණයක වංචාවක් සිදුව ඇති බව සදහන්වේ.මේ සම්බන්ධයෙන් අධිකරනයේ නඩු ගොනු කර රක්ෂිත බංධනාගාර ගත කර ඇති බව සදහන්වේ.
එවකට ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පොලිසියට බලපෑම් කර නඩුව සදහා ලිහිල් ප්රතිපත්තියක අනුගමනය කරන ලෙසට දන්වා ඇති අතර පසුව රක්ෂිත බංධනාගාර ගතව සිටි මාස කිහිපයට වැටුප පවා ගෙවිමට කටයුතු කර තිබෙි.
පසුව ඔහුට එරෙහි ඇති චෝදනා සම්බන්ධයෙන් නිතිපති දෙපාර්මේන්තුවෙන් ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධ උපදෙස් සාමාන්‍යධිකාරිවරයා සගවා ගෙන විනය ක්‍රියාමාර්ග කිසිවක් ක්‍රියාත්මක කර නෙමැත.අවසානයේ ඔහු බෙිරුවලින් මහනුවරටත් පස්ව කුරුණෑගලටත් ස්තානමාරුකර යවා ඇති අතර එහිදී ද පරණ සෙල්ලම සිදු කර ලක්ෂ ගණනක් සංස්තාවට අලාභ කර හිග මුදල් අයකර ගැනිමට නොහැකි වී තිබෙි.
මෙසේ කටයුතු කළ නිලධාරියාට වත්මන් පාලනධිකාරිය විසින් ණය අයකර ගැනිමේ කළමණාකර තනතුර ලබා දී ඇති බව වාර්ථාවෙි.