ත්‍රිවිධ හමුදාපතිවරුන් හා එකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි  ගෙදර

යුද හමුදාපති ලුතිනල් ජේනරාල් විකුම් ලියනගේ , එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා එකාබද්ධ මාණ්ඩලික ප්‍රධාණි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබන 31 වෙනි දින සිට විශ්‍රාම යාමට නියමිත බව වාර්ථාවේ.
පසුගිය රජය සමයේ මේ සියලු නිලධාරින්ට සේවා දිගුවක් ලබා දිම නිසා ඊළගට එම තනතුරු සදහා පත්විමට සිටි විශාල නිළදාරින් පිරිසකට උසස්විම් නොලබා විශ්‍රාම ගැනිමට සිදුවිය.
ඊට අමතරව රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ද එදිනට විශ්‍රාම ගැනිමට නියමිත බව සදහන්වෙි.
මේ අනුව යුදහමුදාවෙි දැනට දෙවැනි තනතුරේ සිටින මෙිජර් ජෙනරාල් දිනේෂ් නානයක්කාරට හෝ තෙවැනි තනතුරේ සිටින ලසන්ත රොද්‍රගෝ යන අයට යුදහමුදාපති තනතුර හිමි විමට නියමිත අතර නාවික හමුදාවේ ඊළග සිටින්නේ ඩෙස්මන් ප්‍රනාන්දු යන නිලධාරියාය.
මේ අතර එකාබද්ධ මාණ්ඩලික ප්‍රධාණි තනතුර තවදුරටත් පවත්වා ගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් මේවනවිට සාකච්චාවක් ආරම්භ වී ඇති අතර එම තනතුර රටේ පවතින වාතාවරණය අනුව වැය බරක් පමණක් වී ඇති නිසා බොහෝදුට එම තනතුරට කිසිවෙතු පත් නොකිරිමට ඉඩ ඇති බව ආණ්ඩුවේ ආරංච් මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *