මධ්‍යම පලාත් ආණ්ඩුකාර මහාචාර්යය සරත් අබේකෝන මහතා මාසයක නිවාඩු ලබා රටින් පිටව ගොස් තිබෙි.
ඒ වෙනුවට වැඩ බැලීමට හෝ අයෙකු පත් කර නැති බව වාර්ථාවෙි.
මහනුවර ,නුවරඑළිය සහ මාතලේ ජනතාවට අදාළ ප්‍රශ්ණ ගැටලු ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කිරීමට පැමිණෙන ජනතාව ආණ්ඩුකාරවරයෙකු නැති නිසා ආපසු හැරී යති.
මහජනතාවට පලාත් සභාවේ වග කිව යුතු නිලධාරින්ට ආණ්ඩුකාරවරයා හමුවීමට දින සහ වේලාවන් වෙන් කර ගන්නට සිදුවීම තුල වත්මන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් කරවන්නේ ආණ්ඩුකාර වරයා බව මැද රට ජනතාව පවසති.
දෙසැම්බර් 07 සිට ජනවාරි 07 තෙක් නිවාඩු ගෙන රටින් පිටව ගිය මැද රට ආණ්ඩුකාරවරයා වෙනුවට එම ධූරයේ වැඩ බැලීමට ආණ්ඩුකාර වරයෙකු පත් නොකීරීමද වරදක් බව ජනතාව පවසයි.
පැවති දූෂිත රජයන් දේශපාලනඥයන් සහ ආණ්ඩුකාරවරුද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඔවුන් දේශපාලනයෙන් අතු ගෑ දැමූ ජනතාව මැද රට දේශපාලනඥයන්ද සියල්ල නිවෙස් වලට යවා නව ආණ්ඩුව පිහිටුවා සිස්ටම් චේන්ජ් කර ද්දී පලාතට නව ආණ්ඩුකාර වරයෙකු පත් කල විට ඔහුද වගකීමෙන් තොර ලෙස මාසයක් නිවාඩු ගෙන රටින් පිටව ගොස් ඇත්තේ වැඩ බලන ආණ්ඩුකාර වරයෙකුද පත් නොකර බව පලාත් සභාවේ ඉහළ මෙන්ම සුළු නිලධාරින්ද පවසති.