රූපවාහිනියේ සභාපතිට යන්න කියලාද?

ජානාධිපතිවරණයෙන් පසු ජාතික රූපවාහිනීයේ සභාපති ධූරයට පත්කරන ලද සෙනේෂ් බණ්ඩාර දිසානායකට එම ධූරයෙන් ඉවත් වන ලෙස ජානමාධ්‍ය අමාත්‍යවරයා දන්වා ඇති බවට තොතුරු වාර්ථාවෙි.
සෙනේෂ් රූපවාහිනීයේ හිටපු නිෂ්පාදක වරයෙක් මෙන්නම සිනමා කරුවෙකි.සෙනේෂ් රූපවාහිනී සභාපති ධූරයට පත්වූ දා සිට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද වෘත්තිය සමිතිය සමග සහජිවනයෙන් වැඩ කිරීමට තිබු නොහැකියාවද මේ අර්බුදයට මූලිකම හේතුව වී ඇති බව සදහන්වෙි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට දිවිහිමියෙන් කටයුතු කල පිරිස් සමග සෙන්ෂ් ඉතා සමීපව කටයුතු කිරීම ආයතනයේ බහුතර සේවකයින්ගේ විරෝධයට ද හේතුවි ඇත.වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස පත්වු විකුම් බස්නායකට සිය තනතුර දෙවරක්ම අත් හැර යාමට සිදු වුයේ සභාපතිවරයා රනිල් හිතවාදින් සමග සමීපව කටයුතු කල නිසා බවද වාර්තා වේ.
සෙනේෂ් බණ්ඩාර දිසානායක සභාපතිවරයාට ඇතමුන් “සර්” යන නමින් ආමන්ත්‍රණ නොකිරීමද අර්බුදයක් වි තිබුණි .
මේ පිලිබඳව විරෝධදය පලකරමින් විකුම් බස්නායක facebook සටහනක් තැබු අතර , ඔහුද එය පසුව ඉවත් කරගෙන තිබුණි. සෙනේෂ් බණ්ඩාර දක්ෂ නිර්මාණා කරුවෙකි.නමුත් රූපවාහියට මේ මොහොතේ අවශ්‍ය වන්නේ නිර්මාණ කරුවන් නොව දක්ෂ පරිපාලකයෙක් බව සේවකයෝ පවසති.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වොයිස්ඔෆ් ලංකාද හෙළිදරව්වක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *