මධ්‍යම පලාතේ සමූපකාර සමිති 1700 ක් අක්‍රීය කල දුෂිතයෝ තවමත් මහ පුටුවල

මධ්‍යම පලාත් සමූපකාර කේෂ්ත්‍රයේ සිදුව තිබෙන වංචා  දූෂණ සහ මුල්‍ය අක්‍රමිකතාවයන් සහ    අරමුදල් වංචා කිරීම් පිළිබඳව   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට  කිලෝ  හතක  බරැති පැමිණිළි ලිපි ගොනු දහසක් පමණ බාරදී ඇති බවත් ,දැනටමත්  ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ,සමාජ ක්‍රියාකාරී  ,හිටපු විශ්‍රාමික ග්‍රාම නිලධාරී   සහ සමූපකාරිකයෙකු වන ඩී කේ  කීර්ති තිස්ස මහතා මහනුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්  පවත්වමින්   අනාවරණයක් කළේය.

 මහනුවර ඩෙවෝන් ශාලාවේ පැවති මෙම සාකච්ඡාවේදී වැඩි දුරටත් කරුණු හෙළිකල  කීර්ති තිස්ස මහතා මෙසේ කීය.

“වත්මන් ආණ්ඩුව සමූපකාර කේෂ්ත්‍රය හරහා ජනතාවට  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ,පාසැල් උපකරණ   සහ ස්වයං රැකියා

ද  ව්‍යාපෘති  ආරම්භ කිරීම සඳහා   කටයුතු කරගෙන  යාමේදී මධ්‍යම පලාතේ සමූපකාර ව්‍යාපාරය  බිංඳුවට දැමූ  දූෂිත නිලධාරින්  එකතු කර ගත්තොත් මේ ආණ්ඩුවටත් පසුගිය ආණ්ඩුවලට සිදුවූ ජනතා අප්‍රසාදයට මුහුණ දෙන්න සිදුවේවි.

මධ්‍යම පලාතේ සමූපකාර  දහසක්  අක්‍රිය කිරීමට මූලික වූ ඇතැම් කොමසාරිස්වරු   සභාපතිවරු  තවමත් ඉන්නවා⁣.

මධ්‍යම පලාතේ සමූපකාර සමිති වල සිදුව තිබෙන ලක්ෂ  1500 කට අධික මුල්‍ය වංචා ,දූෂංණ  පිීළිබඳව  රජයේ විගණන නිලධාරින් සිදුකරන ලද විගණන වාර්තා සම්බන්ධයෙන් වත්මන්  ආණ්ඩුකාර වරයාත් ,සමූපකාර  අමාත්‍යාංශය භාර ලේකම් වරයාත් ,පලාත් සමූපකාර කොමසාරිස් වරයාත්  නිහඬයි.”

“මධ්‍යම පලාත් හිටපු  ප්‍රධාන ඇමති වරයෙක් කලක් මහින්ද⁣ රාජපක්ෂගේ සුවච කීකරු ගෝලයෙකු ,පසුව  මෛත්‍රීපාල සිරිසේනට  ලංවිය    මොහුගේ ගෝලයෝ මධ්‍යම පලාතේ සමූපකාරය ඔස්සේ  විවිධ  සමිති හදාගෙන ගසා කා ඇති සාමාජික මුදල් කෝටි  දහස ඉක්මවයි.ගුරුවරු ,ග්‍රාම නිලධාරිවරු  සහ වාහන ණය දෙන සමිති  වැනි වංචනික සමූපකාර සමිති පිහිටුවා කෝටි ගනනින් සමූපකාර සාමාජික මුදල් ගසා කා තිබෙනවා  ,මේවා සම්බන්ධව සිදුකල විගණන පරීක්ෂණ වාර්තාද අස්ථාන ගත කර තිබේ. මධ්‍යම පලාත් සමූපකාර කොමසාරිස් වරයාට රූමත් ළඳුන් පේන්ව බැහැ.මොහු සමූපකාර වංචා දූෂංණ සියල්ල යට ගසා තිබෙන අතර  මොහු ඒකාධිපති පාලනයක් ගෙන යන බව සමූපකාර සේවකයන් පවසති.මොහු වටේ සිටින දූෂිත නිලධාරින් අට දෙනා  මධ්‍යම පලාතේ සමූපකාර සමිති ඈවර කිරීමට වගකිව යුත්තෝ”.

ආණ්ඩුව සමූපකාර  ව්‍යාපාරය හරහා ගමේ ජනතාවට සහන සලසාදීමට අපේක්ෂා කරන්නේ නම් දැනට පලාත් සමූපකාර අමාත්‍යාංශයට අරක් ගෙන සිටින සියලු දූෂිත නිලධාරින්  ඉවත් කර  අවංක නිලධාරින් පත් කලයුතු බව හෙතෙම සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *