අමාත්‍යයංශවල ඇති මාධ්‍ය එකක ඉවත් කිරිමේ සැලසුමක්

අමාත්‍යංශවල පිහිටුවා ඇති මාධ්‍ය එකක ඉවත් කර ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ සියලුම අමාත්‍යංශ සම්බන්ධ කර තොරතුරු මුදා හැරිමට ආණුඩුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්ථාවේ.

පසුගිය කාලයේ සිටි ඇමතිවරුන් සිය පතිරූපය ගොඩනංවා ගැනිම සදහා ජනමාධ්‍ය අමාත්‍යංශයට නොදැවැනි ආකාරයට මාධ්‍ය එකක පිටිටුවා අලුතින් සේවකයින් බදවා ගෙන කටයුතු කළේය.

ඊට අමතරව ජනාධිපති මාධ්‍ය එකකය හා අගමැති මාධ්‍ය එකක වශයෙන් වෙන වෙනම  මාධ්‍ය එකක ක්‍රියාත්මක වන අතර එවා නඩත්තුවටද විශාල පිරිවැයක් රජයට දැරිමට සිදුවී ඇත. මිට පෙර අමාත්‍යංශවල සිටි ප්‍රවෘත්ති නිළධාරින් සිටියදී ඇමතිවරුන්  සිය බලය යොදා මාධ්‍ය එකක පිහිටුවිය.

නව යෝජනා අනුව සියලුම මාධ්‍ය එකක ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කර එහි සිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් සියලුම අමාත්‍යංශවල මාධ්‍ය කටයුතු සිදු කිරිමට නියමිත බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *