රාජපක්ෂ කාලයේ සිදුවු අපරාධ යටගැසු ප්‍රභලයාට නිතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක තනතුරක්

රාජපක්ෂ පාලන කාලයේ සිදු අපරාධ සමිබන්ධයෙන් කඩිනම්න් විමර්ශනය කර නිතිය ක්‍රියාත්මක කරන බවට සපත කළ වත්මන් ආණ්ඩුව ඒ කාලයේ එම අපරාධ සදහා උඩ ගෙඩි ලබා දුන් පුද්ගලයින් නිතිය කරවන නිතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක තනතුරකට පත් කර ඇති අතර එහි පළමු ප්‍රතිඵලය ලෙස මහර බංධනාගාර කැරැල්ලෙන් මිය ගිය සිරකරුවන් සමිබන්ධ නඩුව වසා තැබිමට නිතිපතිවරයා කළ යෝජනාවෙන්ම පැහැදිලිවෙි.
කොරෝනා සමයේ 2020 නොවැම්බර් 29 දින රැදවියන්ගේ පී සී ආර් පරික්ෂාවකට යාමෙිදි සිදු ගැටුමත් සමග ඇතිවු වෙඩිතැබිමෙන් 11 දෙනෙකු මියගිය අතර ඉන් තිදෙනෙකුගේ හිසටත් ඉතිරි අටදෙනාගේ පපුවට හා උදරයට එල්ල කළ වෙිඩි තැබිමෙන් ඔවුන් මිය ගියේය.
සිද්ධිය සමිබන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වත්තල මහෙස්‍රාත් අධිකරණයේ විභාග වන පී 3318 දරණ නඩුව අනුව 2023 අප්‍රේල් 26 වෙනි දින නියෝග කර ඇත්තේ සැකකරුවන්ට එරෙහි අධිචෝදනා ගොනු කරන ලෙසත් එසේ තිබියදි එය නොසලකා හැර පසුගිය දා නිතිපතිවරයා යෝජනා කර ඇත්තේ එම නඩුව වසා තබන ලෙසටයි.
මෙම නඩුව විමර්ශනය කළ කාලයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ එවක ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ කටයුතු කළ වර්ථමාන නිතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක ලෙස කටයුතු කරන ඩී ආර් එල් රණවිර මහතායි.
එහි අනෙක් පුදුමය වනනේ එම ගැටුම සම්බන්ධයෙන් ගෝඨාභය රජය විසින් කමිටුවක් පත් කළ අතර එහි සාමාජිකයෙකු ලෙසද රණවිර මහතා කටයුතු කිරිමයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව 2020.දෙසැමිබර් 07 වන දින ඇමතිවරයාට වෙත භාර දී ඇත.
එම කමිටුවේ සභාපති ලෙස හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය කටයුතු කළ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීර යන මහත්වරු ද සෙසු සමාජිකයින් ලෙස කටයුතු කළේය.මේ අනුව මහර රැදවියන් ඝාතන නඩුව වසා දැමිමේ කුමන්ත්‍රණය මනාව පැහැදිලිවේ.
ඊට අමතරව වත්මන් ආණ්ඩුව ප්‍රධාන මාතෘකාවක් වු තාජුඩින් ඝාතනය වසන් කිරිමේ මුලික කටයුතු කර ඇත්තේද මෙම නිලධාරියා බව වාර්ථාවේ.
එකළ කොලඹ අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති රණවීර මහතා එවකට බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායකගේ උවමනාවට සාක්ෂි වසන් කරමින් කටයුතු කළ බව එහි සේවය කළ නිළධාරින් දන්නා කරුණකි.අනුර සේනානයක එකළ වැඩ කලේ කාගේ උපදෙස් අනුවද යන්න ඒකල විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ අයට අමතක වී නොමැති බව සදහන් කරන්නේමු.
මිට අමතරව ගාල්ල වරායේදී ඇවන්ඩ්ගාඩි නැවේ අවි ආයුධ හමුවිමේ සිද්ධිය විමර්ශනය කිරිමද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි කාලයේ මෙම නිළධාරියාගේ අධික්ෂණයෙන් සිදුවු අතර අවසානයේ එම පරික්ෂණද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාවට එය සාක්ෂි වෙනස් කර කටයුතු කළ බව අපවෙත වාර්තාවි තිබෙි.එසදහා ආවන්ගාර්ඩි අධිපති නිෂ්ශංක සේනාධිපතිගේ මුදල් ඉදිරියේ නැමුනු බවත් එම සිද්දිය සමින්ධයෙන් පරික්ෂණ කළ නිළධාරින්ට තවත් වැටුප්ද, සිය ඥාතින් එහි සේවයට ඇතුල් කර වැටුප් ගන්නා ආකාරය ඉදිරියේදි හෙලි කිරිමට අප කටයුතු කරන්නෙමු.

…………………………………………………………………………………………………………………………………………………………………………………….

පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතියට ඉඩ

මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.

……………………………………………………………………………………………………………………..

(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා  ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *