මහනුවරින් පමණක් එකලස් කරන ලද සුපිරි වාහන දහයක් පමණ සොයාගෙන⁣

මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති පාලන බල ප්‍රදේංශයේ පිහිටි පොලිස් ස්ථාන කීපයකින් සිදුකරන ලද මෙහෙයුම් වලදී නීතී විරෝධී ලෙස ලියවිලි නොමැතිව සුපිරි වාහන භාවිතා කල පුද්ගලයන් හයක් පමණ මේ වනවිට අත්ඩංගුවට ගෙන ඔවුන් පාවිච්චි කරන ලද නීතී විරෝධීව එකලස් කරන ලද වාහනද හතක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු රාඣ්‍ය අමාත්‍ය ලොහාන් රත්තවත්තේ හා සහ ඔහුගේ බිරිඳද සිටින බවත් ,මෙවැනිම සිද්ධියකට අදාළ තවත් ප්‍රධාන පෙලේ මහනුවර වාහන අළෙවි ආයතනයක හිමිකරුවෙක්ද ,අත් අඩංගුවටගැනීමට සොයන බවද ,මේ වන විට ඔහු සැඟවී සිටින බවද උසස් පොලිස් නිලධාරියා පැවසීය.
තෙල්දෙණිය ,උඩදුම්බර ,මහනුවර ,සහ පල්ලේකැලේ යන පොලිස් ස්ථාන වලින් මෙම නීතී විරෝධී එකලස් කරන ලද වාහන අත් අඩංගුවට ගෙන වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරගෙන යන බවද මෙම උසස් පොලිස් ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
මෙලෙස නීතී විරෝධීව එකලස් කරන ලද තවත් සුපිරි වාහන කීපයක් මහනුවර ප්‍රදේශයේ තිබෙන බවට ලද තොරතුරු මත වැඩි දුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මහනුවර ගාල්්‍රැන්න දේවාලයේ නිළමේ තනතුර දරන තැනැත්තාද නීතී විරෝධීව එකලස් කල වාහන තුනක් භාවිතා කරන බවත් දැනට ඒවා සඟවා ඇත් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.හිටපු වරාය ඇමති රෝහිත අබේගුනවර්ධනගේ බෑණා කෙනෙකුද නීතී වි⁣රෝධීව එකලස් කරන ලද වාහන දෙකක් ලඟ තබාගෙන සිටීම නිසා එම වාහන දෙකද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.ඔහුගේ පියා වන මහනුවර වාහන සේල් හිමිකරුවෙකු වන සේරම් නැමැත්තා අත් අඩංගුයට ගැනීමට අධිකරණය නියෝග නිකුත් කර සිටියදී ඔහු අතුරුදහන් වී සිටින බව පොලිසිය පවසයි.සේරම් නැමති එම වාහන සේල් ආයතව හිමිකරුට රටින් පිටවීමද අධිකරණ තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *