වැලි බලපත්‍ර හොර පැනකින් අත්සන් කළ ජාවරම හෙළිකළ මාධ්‍යවෙිදියාව පොලිස් රාජකාරියට බාධාකළ බව පවසමින් අත්ඩංගුවට ගැනිමට සැලසුම්

පතල් හාපකැණිම්  කාර්යාංශය ලබා දෙන වැලි බලපත්‍ර ව්‍යජ ලෙස අත්සන් යොදමින් එක බලපත්‍රයකින් තවත් වැලි ප්‍රවාහනය කිරිමේ ජාවාරම්ක් වැටලු පතල් හා කැණිම් කාර්යාංශයේ නිළදාරින් දෙනෙකු හා එය ආවරණය කළ හිරු කුරුණැගල මාධ්‍යවෙිදි බිමල් රුහුණුගේට එරෙහිව පොලිසිය සිය නිළධාරින්ගේ රාජකාරියට බාදා කිරිමෙි චෝදනාව මත අත්ඩංගුවට ගැනිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

හලාවල පොලිස් නිළධාරින්  බංගදෙනිය පොලිස් මුරපලේ  රාජකාරි කරමින් සිට මෙිසේ පැමිණේන වැලි ලොරි පරික්ෂා කර පතල් හා කැණිම් බලපත්‍රයට අත්සන් තබයි.එසේ අතසන් තබන පැන අකුරු උණුසුම් කළ පසු මැකි යන බව හෙළි වී ඇත.

මේ ආකාරයට පතල් හා කැණීම් කාර්ය්‍යංශයේ නිලදාරින්  මිට මාසයකට ප්‍රථම  ස්ථානය පසු කළ වැලි ටිපර් රථයක් පරීක්ෂා කිරීමෙන් බලපත්‍රය මැකිය හැකි පෑනක් භාවිතා කළ බව තහවුරු වීම නිසා එම ලොරිය සමග අදාළ අස්සන යෙදූ පොලිස් නිලධාරියා සිටින මුරපොලට ගොස්   පරීක්ෂා කර තිබෙි..

එහිදී පෑන් හතරක් තිබූ  ඇති අතර  එයින් එක් පෑනක්  උණූසුම් කළ පසු මැකිය හැකි පෑනක් බව තහවුරු විය.

එම බලපත්‍රය තුළ අස්සන සහ වේලාව මෙම පෑනෙන් ලකුණු කරන අතර අනෙකු සියලු දෑ සටහන් කර ඇත්තේ  සාමාන්‍ය පෑනකිණි.

මෙම නිලධාරියා එය සිදු කළ බව පිළිගෙන ඇති  අතර පතල් හා කැණීම් කාර්යාංශය සිදුකරන  ප්‍රශ්ණ කිරිම් හමුමේ ආදාල පෑන උසස් නිලදාරියෙකු විසින් ලබා දි ඇති බව හෙළි වී ඇත.

මෙම සිදුවිමත් සමග ආදාළ ප්‍රවෘත්තිය විකාශනය විමෙින පසු වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා ආදාළ මාද්‍යවෙිදියා සමග ඇති අමනාපය මත පොලිස් නිලදාරින්ගේ  රාජකාරියට බාධා කර ඇති බව සදහන් කරමින් අධිකරනයේ නඩුවක් ගොණු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවෙි.

ඒ අනුව  හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර  17081/24 අංක යටතේ නඩු ගොනු කර තිබෙි.පතල් හා කැණීම් අංශයේ නිලධාරීන් දෙදෙනාගෙන් මේවන විට ප්‍රකාශ ලබා ගෙන ඇති අතර   මාධ්‍යවේදියා අත්අඩංගුවට හදුනා ගැනිමෙි පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරිමට සැලසුමි කර තිබෙි.

කෙසේ වෙතත් ආදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හලාවත පොලිස් නිලදාරින්ට දැනුම් දී ඇත්තේ මැතිවරණය අවසන් වන තෙක් ඔහුව අත්ඩංගුවට නොගන්නා ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *