රාජ්‍ය බුද්ධි සේවා පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිදුවීමේ කුමන්ත්‍රණය සම්බන්ධව පොලිස්පතිගේ අවධානය ලක්වි තිබේ.පසුගිය 27 වැනිදා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරට අනුයුක්තව රාජකාරි කළ රාජ්‍ය බුද්ධි සේවයේ නියුතු පොලිස් කොස්තාපල් 26543 w.y.දනුශ් සමන් කුමාර අත්අඩංගුවට ගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල කරමින්ය.
ඔහු සතුව තිබූ බව කියන ජංගම දුරකථන හයක් සිම්පත් හතක්ද පොලිස්භාරයට ගෙන තිබුණි.එම අත්අඩංගුවට ගැනීම හොර රහසේ සිදුකර ඉක්මනින් බන්ධනාගාර ගත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී වරුණ ජයසුන්දරගේ උපදෙස් මත සිදුවූ බවට සාක්ෂි සාධක හමුවී ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු අනාවරණය කර තිබේ. මත්කුඩු ස්වල්පයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඔහුගේ ජාලය සෙවීමට යැයි පවසා රැඳුම් නියෝග ලබා ගැනීම පොලිසිය නිරන්තරවම සිදු කරන දෙයකි.
එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් සැනින්ම බන්ධනාගාර ගත කරන්නේ ඔහු සතුව තිබූ පෙන්ඩ්‍රයිව් එකොළහෙන් දහයක්ද අතුරුදන් කරමිණි. රාජ්‍ය බුද්ධි සේවයේ අවංකව රාජකාරිකර බුද්ධි තොරතුරු රැසක් අනාවරණය කළ මෙම නිලධාරියා පොලිස් විශේෂ කාර්ය බළකායට මහත් හිසරදයක් වී තිබුණි.
එම හේතුව නිසා පොලිස් විශේෂ කාර්ය බළකා කිලිනොච්චිය කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක කුමාර විසින් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත්තේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත බව අනාවරණය වී ඇත.
උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිලිනොච්චිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දැනුවත් වීමකින් තොරව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා හොර රහසේ බන්ධනාගාර ගත කරවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට අර්බුද රැසකට මුහුණ පා තිබෙන බව අනාවරණය වී තිබෙි. උතුරු පළාත කේන්ද්‍ර කොට සිදුවන කේරල ගංජා, රත්තරං, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන මනී ,බාලා ,රූබන් ඇතුළු ජාවාරම්කරුවන් රැසක් පොලිස් විශේෂ කාර්ය බළකා දූෂිත නිලධාරීන් සමග එක්ව කරන ජාවාරම් සම්බන්ධයෙන් අනාවරණය කරගෙන තිබී ඇත .
එම සියලුම සටහන් ඔහු සතුව තිබූ පෙන්ඩ්‍රයිව් වල ගබඩා කර තිබී ඇති අතර එම හේතුව නිසා ඒවා අස්ථානගත කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත.පොලිස් කොස්තාපල්වරයා තමා සතු වූ මෙම තොරතුරු සියල්ල මෙන්ම තමාට වූ අසාධාරණය රහස් ප්‍රකාශයක් මගින් මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කර ඇත.