මධ්‍ය පළාත් සභාවෙි දුෂිත නිළධාරින් නව ආණ්ඩුකරවරයාට ඉව අල්ලයි

මධ්‍යම පලාත් සභාවේ නැති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුරක් ව්‍යාජව සාදාගෙන අමාත්‍යාංශ ලේකම් වරු අංශ ප්‍රධානීන් අන්දවමින්  බොරු ප්‍රශස්ති ගායනා කල   මහවත්ත නැමැත්⁣තාට  මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයට  හිටපු මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා විසින් පත්කර තිබෙි.

එදා හිටපු දේශපාළුවන්ගේ නැති ගුණ ගයා බොරු වර්ණනා  ඉදිරිපත් කල   මෙම පුද්ගලයා මධ්‍යම පලාත් සභාවෙන් වංචනික ලෙස විංශාල මුදලක් අයථා ලෙස ලබාගෙන තිබෙන බව ඔහුට එරෙහිව සිදුකල විගණන පරීක්ෂණ වලින්ද හෙලිවී ඇතත්, සුදුසුකම් නැති රාජ්‍ය නිලධාරි තනතුරේ ඔහු තවමත් රැඳී සිටින්නේ මධ්‍යම පලාත් සභාවේ ඇතැම් දූෂිත ලේකම් වරුන්ගේ සහායෙන් බව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් සහ සේවකයෝ  පවසති.

ඉතා දූෂිත වූ මධ්‍යම පලාත් සභාවේ බොහෝ දූෂිත නිලධාරින් උත්සව වලදී වර්ණනා කිරීම නිසා මහවත්ත නැමති අයට පලාත් සභාවේ අසීමිත ලෙස ගමන් වියදම්  දීමනා ඉන්ධන දීමනා සහ වාහනද ලබාදීමට මධ්‍යම පලාත් සභාවේ අමාත්‍යාංශ ලේකම් වරු කටයුතු කර ඇත.

මෙි අතර අලුතෙන් පත්වූ ආණ්ඩුකාර වරයා වැඩ බාර ගැනීමේ උත්සවයටද  මොහු පැමිණියත්  අලුත් ආණ්ඩුකාර වරයාගේ ගුණ ගායා වර්ණනා කිරීමට මෙදින උත්සවයක් සංවිධානය කර නොතිබූ නිසා මොහුට  අලුත් ආණ්ඩුකාර වරයා පිළිබඳව බොරු වර්ණනා  ගුණ ගායනා කිරීමට  අවස්ථාව නොලැබිණි.

මධ්‍යම පලාත් සභාවේ පවතින වංචා දූෂණ සම්බන්ධව තමන්ට තොරතුරු ලැබෙමින් පවතින බව අලුතෙන් පත් වූ මධ්‍යම පලාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පවසයි.

මධ්‍යම පලාත් සභාවේ සියලු අමාත්‍යාංශ වල විවිධ උත්සව සඳහා නිවෙිදක ලෙස කටයුතු කරන්නේද  මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරය හොබවන මෙම මහවත්ත නැමැත්තාය.ඔහු එම උත්සව වලටශබිද විකාශන උපකරණ ද කුලියට සපයයි,

මේ අතර මහනුවර ඟඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරය සඳහා ද උසස් පෙළ හෝ සමත් නැති ⁣අයෙකු පත්කලේද හිටපු ආණ්ඩුකාර වරයා විසිනි.ඔහු පීරමීඩ මුදල් ජාවාරම් සිදුකර මහනුවර  පුද්ගලයන් රැසකගෙන් සහ කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන වංචා කර තිබීම නිසා ඔහුව  එම තනතුරෙන් ඉවත් කර මධ්‍යම පලාත් පුස්තකාල සේවා මණ්ඩල කාර්යාලයේ සාමාන්‍ය ලිපිකාර තනතුරට මාරු කර ඇති අතර ඔහු දැනට එම රැකියාවට නොගොස් මගහැර සිටින බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *