දේශිය මැණික් විදේශයෙන් ව්‍යාජ ලෙස ගෙන එන ගල් ඔපදමා විදේශයටම අලෙවි කරන ජාවරමක්

දේශිය මැණික් බව හලවා විදේශයෙන් ව්‍යාජ ලෙස ගෙන එන මැණික් ගල් ඔපදමා විදේශයටම අලෙවි කරන ජාවරමක් සමිබන්ධයෙන් තොරතුරු වාර්ථාවෙි.

ටැන්සානියාවෙින් හා මැඩගස්කරය ආදි අප්‍රිකානු රටවලට ගොස් සිටින මෙරට මැණික් ව්‍යාපාරිකයින් රේගුවට ව්‍යජ ලිපි ලේඛණ හා තොරතුරු ඉදිරිපත් කර එම රටවලින් මැනික් රැගෙන එන බව  සදහන්වේ.

කැරටි 20 පමණ මැනික් ගල් කැරට් දහයට අඩු වටිනාකමකට ගත් බව හගවා ඩොලර් 250ක් එ සදහා වැය කර බව හගවා ගුවන් තොටුපළේ රේගු නිලධාරින්ට පෙන්වා රටතුළට රැගෙන එන බව වාර්තාවෙි.

දැනටත් මැඩගස්කරයේ මෙරට 400 අධික පිරිසක් සිටින අතර ඔවුන් සියලු දෙනමෙ මෙහෙයවනු ලබන්නේ ප්‍රදාන පෙලේ මැනික් ව්‍යාපාරිකයින 20 දෙනෙකු බව සදහන්වේ.

ඉන් පස් දෙනෙකු රත්නපුරරේ බලංගොඩ,කහවත්ත රත්නපුර හා ඇහැළියගොඩ සිටින අතර ඉතිරි 15 දෙනෙ කොලඹ සිටින බව කියවෙි.

මෙසේ ගෙන එන ඔප නොදැමු මැනික් සදහා ඩොලර් 250ක බද්ධක් අයකරන අතර එය තොගය සදහා ප්‍රමාණයක් සදහන් කර නොතිබිම නිසා එසේ මැනික් රැගෙන එන ගුවන් යානයේ දී හමුවුවහොත් එවා එක් අයෙකු ගෙනා මැනික් බව රේගුවේ නම්බර්01 කාර්යාලයට ඉදිරිපත් කර ඩොලර් 250ක බදු මුදල ගෙවා රට තුළට රැගෙන එයි.

මෙසේ රටින් බැහැරට ඩොලර් දසදහසක් රැගෙන යා හැකි වුවත් ඔවුන් හවාලා හා උණ්ඩියල් ක්‍රමයට මැඩගස්කරයට රැගෙන යන මුදල් යොදවා එම මැනික් රැගෙනවිත් ඔප දමා අලෙවි කරයි.දැනට රටතුළ අලෙවි කරන මැණික්වලින් සියට දහයක් රටතුලින් සොයාගන්නා අතර ඉතිරි සියට අනුවම විදේශයෙන් රැගෙන එනඑන එවා බව සදහන්වෙි.

මෙසේ රැගෙනවිත් ඔප දැමු ඉතිරි එවා විදේශයටද අලෙවි කරන බව සදහන්වෙි.මේආකරයට එම රටවල්වලටද තොරතුරු සදගවා මැණික් රැගෙන ආ කිහිප දෙනෙකු පසුගිය කාලයේ එරට ගුවන් තොටුපලේදී අත්ඩංගුවට පත්ව ඇති අතර එක් අවස්ථාවක  ගුවන් යානාය තුලින්ද ුයෙක් මැනික් තොගයක් සමග හසුවි තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *