කටුනායක දෙවැනි පර්යන්තයේ වහල හදන්න ගෙනා උපකරණ ගබඩා කර ඇති රවීගේ ගබඩාවට මාසයකට ලක්ෂ විස්ස ගානේ ගෙවයි

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරිම සදහා 2015 දී සිදුකළ සැලසුම් අනුව එහි දෙනැනි පර්යන්තය ඉදිකිරිමට ජපානයේ ජයිකා ආයතනය ණය ආධාර ලබා දිමට කටයුතු කළ අතර එහි පර්යන්තයේ වහල නිමාව කොටි ගණනක් වැය කර අරලිය කොළයක ආකාරයට සැලසුම් කර එ සදහා ආනයනය කරන ලද උපකරණ මේවනවිට මසකට ලක්ෂ විස්ස බැගින් මාසිකව පෞද්ගලික ගබඩාවකට ගෙවමින් එහි තැන්පත් කර ඇතිබව වාර්ථාවෙි.

එසේ මිලියන ගණනක් වැය  කර සැලසුම් කළ වහල වෙනුවට පොදුජන පෙරමුණ බලයට පත්වු පසු එහි වහළය නෙලුම් මලක ආකාරයට නැවත සකස් කිරිම සදහා වාස්කු විද්‍යාඥයින් ලබා සිතුවම් කර ඇත.

කෙසේ වෙතත් හිටපු ගුවන් තොටුපළ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ගුවන් තොටුපළ සංවර්ධනය කළ ජපාන සමාගමෙන් කොම්ස් මුදල් ඉල්ලිම නිසා එහි වැඩ නතර විය.

අවසානයේ පර්යන්තයේ වහල සදහා යහපාලන ආණ්ඩුව සමයේ ආනයනය කළ අරලිය කොලයක හැඩයට අවශ්‍ය උපකරන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වු රවී කරුණානායක මහතාට සම්බන්ධ සිදුවේ පිහිටි ගොලෝබල් පාක්  විලේජ් නැමති කන්ටේනර් ගබඩා සංකිර්ණයක ගබඩාවක මෙම උපකරණ තොගය ගබඩා කර තිබෙි.

ඒ සදහා වර්ග අඩියකට රුපියල් 90 බැගින් මාසිකව ලක්ෂ විස්සකට අධික මුදලක් ගෙවන අතර වසර තුනක සදහා ගිවිසුමකට එළබ එවා ගබඩා කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම මුදලින් ගුවන් තොටුපළ සතුව අක්කර සියගණනක් පමණ ඇති හිස් භූමියක ගබඩාවක් ඉදිකර හෝ එවා ගබඩා කරන්නේ නම් එතරම් මුදලක් වැය නොවන බව සේවකයින් පවසන අතර පසුගිය කොවිඩි සමයේ 18 කනුව ප්‍රදේශයේ ඉදික කළ එවැනි ගොඩනැගිල් රැසක් භානිතාවට නොගෙන අතහැර දමා ඇති බවද වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *