ධිවරයින්ට ලබා දෙන ඉන්ධන සහනාධාරය හා මාසිකව පසුගියදා සිදු කළ ඉන්ධන සංශෝධනයෙන් සාමාන්‍ය ජනාතාවට කිසිදු සෙතක් අත්නොවන බව ජනතාව චෝදනා කරති.
ඔවුන් චෝදනා කරන්නෙක් බලය නැති කළ ඇති මෝලය බලධාරින්ට බලය ලැබුණු පසු නැතිවිම මෙම සිදුවිමෙන් පැහැදිලි වන බවයි.
පසුගියදා සිදු කළ සුපිරි ඩිසල් හා සුපිරි පෙට්ට්‍රල් මිල සංශෝධනය සුපිරි වාහන සදහා සිදු කළ අතර මේ දිනවල රටපුරාම මහකන්නය ආරම්භ කර ඇති නිසා සීසාන ටැක්ටර් සදහා සුපිරි ඩිසල් නොගහන බවක් තින්දු තිරණ ගන්නා සංස්ථාවෙි සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය නොදන්වා විය හැකිය.
මේ රමේ මහජනතාවගේ ප්‍රධානත වාහන බවට පත්ව ඇති යතුරු පැදිය , ත්‍රිරෝධ රථය, වැන් හා බස් රථවලට වැඩිපුරම ඔක්ටේන් 95 පෙට්ට්‍රල් හා ඔටෝ ඩිසල් ලබා ගන්නා බව මෙම පිරිස නොදන්වා විය හැකිය.
ඊට අමතරව මේවන විට ක්‍රියාත්මක කිරිමට යෝජනා කර ඇති ධිවර යත්‍රා සදහා භූම්තෙල් සහනාධාරයද එවැනි තින්දුවක් බව කිව යුතුය.ටෝලර් යාත්‍රාවකට රුපියල් ලක්ෂ තුනක හා දෛනික බොට්ටුවකට රුපියල් නවදහස් තුන්සිය විසිපහක ඉන්ධන සහනාධාරයක් ලබා දිමට රජය තිරණය කර ඇති අතර මෙමගින් මාලු මිල අඩුවන බවට සහතියක් ලබා දිය හැක්කේ කාටද යන්න ප්‍රශ්ණයකි.
මෙම ටෝලර් හිමියන් හා බෝට්ටු කරුවන් රටේ ජනතාව ගැන සිතා මාලු මිල අඩුකරනවා වෙනුවට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් සාක්කුවට දමා ගැනිම කරන බව නම් නොකියාම බැරිය.
එහෙත් කළ යුතුව තිබුනේ එම ධිවරයින්ට ලබා දෙන සහනාධාර මුදල වෙනුවට සියලුම භූමිතෙල් පාරිභෝගිකයින්ට සහනයක් ලෙස එහි මිල අඩුකර ධිවරයින්ට ,වතුකර ජනතාවට ,එළවලු ගොවියට මෙන්ම, වඩේ, කඩල බැද දෛනිකව ජිවිතය ගැටගසා ගන්නා ජනතාවට සහනයක් ලබා දිමයි.
මෙහිදි තෙල් සංස්ථාව නගන ප්‍රශ්නයන නම් භූමිතෙල් මිල අඩු කළ පසු බස්රථ සදහා වැඩියෙන් ඩිසල් වෙනුවට භූමිතෙල් යොදන බවයි. රටේම පුද්ගලික බස්රථ ඇත්තේ18800කි. ඉන්ද මෙසේ ඩිසල් වෙනුවට භූමිතේ යොද්නනේ ඇතැම් දුර සේවා බස්රථ පමණි.
ඒඅනුව මුලින් සදහන් කළ ආකාරයට බලය තිබෙින විට මොලය නැතිවන බව සත්‍යක් වන්නේ එවැනි ක්‍රියා නැවැත්විමට නිවීන තාක්ෂණය හා නිතිය රැකිමට සිටින පොලිසිය හා මෝටර් රථ දෙපාර්ථමේන්තුව සිටින බව තෙල් සංස්ථාව නොදැන සිටිමයි.ලැබිය යුත්තාට ලබා දිමට අවශය නම් එ සදහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ QR ක්රවෙිදය වුවත්යළිත්වරක් ක්‍රියාත්මක කර ජනතාවට සහන දිම වරදක් නොමැති බව සදහන් කළයුතුය.