බිමතින් බුස්ස බන්ධනාගාරයට පිටතින් පැමිනි ජේලර් සමග ආරක්ෂාවට සිටි එස් ටී එෆ් භටයින් අතර ඇතිවු ගැටුම ලොක්කෝ යට කරයි

බන්ධනාගාර පොලිසියේ උපක්‍රමික බලකායට අනුයුක්තව රාජකාරි කරන දෙවන පෙළ ජේලර්වරයෙකු වන වීරක්කොඩි නැමති අය බීමතින් බූස්ස බන්ධනාගාරය තුළට යාමටත් තැත් කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.
පසුගිය විසි වැනි ඉරිදා දින රාත්‍රියේ හතයි තිහත් අටයි තිහත් හතර කාලය තුළදී මෙම සිදුවීම සිදුව ඇත.අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට පැමිණ ඇති මෙම ජේලර්වරයා බූසා බන්ධනාගාරයට අනුයුක්ත නොවන අතර ඔහු සිවිල් ඇඳුමින් සැරසී බීමතින් සිට ඇති බව අනාවරණය වී තිබේ.
බන්ධනාගාර මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන මෙම ජේලර්වරයාට බූස්ස බන්ධනාගාරය තුළට යාමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අවසර දී ඇති මුත් ජංගම දුරකථනය ගෙනයාමට ඉඩ දිය නොහැකි බව පැවසීමෙන් අනතුරුව ඇති වූ බහින්බස්වීම මෙලෙස දුරදිග ගොස් ඇත.
එම පහර දීම් සිදුවන අවස්ථාවේදී බන්ධනාගාරයේ කුළුණු මුරකුටියේ(ටැරට්)රාජකාරී කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලා ඉන් බැස විත් ඔහුගේ ද ජේලර්වරයාට පහරදී තිබේ.මෙම සිදුවීම දෙපාර්ශ්වය විසින් සැඟවීමට උත්සාහ කලද එහි සිටි සිසු නිලධාරීන් අදාල අංශ දැනුවත් කර ඇත්තේ හොර රහසේය.සිවිල් ඇඳුමින් බීමත්ව පැමිණි මෙම ජේලර්වරයා බන්ධනාගාරය තුළට යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.ඒ අනුව පොලිස් බුද්ධි අංශ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් බන්ධනාගාර ඉහල බලධාරින් මෙම සිදුවිම යටපත් කිරිමට උත්සහ ගන්නා බවවාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *