ඉන්දියාව සහල් අපනයන තහනම ඉවත් කරයි.රට හාල් කිලෝව රුපියල් 150 බසි

මෙරට වෙළදපොළේ නඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් දෙසිය හතලිහ ඉක්මවා අලෙවි කරන අතර මෙතෙක් ඉන්දියාව පනවා තිබු සහල් අපනයනය කිරිමේ තහනම ඉවත් කිරිමත් සමග සහල් කිලෝවක් රුපියල් 150 -160  අතර මුදලකට අලෙවි කල හැකි බව හතරවන හරස් විදියේ තොග ව්‍යපාරිකයින් පවසයි.

ශ්‍රි ලංකාවද සහල් ආනයනය තහනම් කර ඇත්තේ දේශිය ගොවියා ආරක්ෂා කිරිම සදහා වන අතර සංචාරක ව්‍යපාරයට යොදා ගන්නා සහල් පමණක් ආනයන කරයි.

එහි වාසිය ගත් මෙරට ප්‍රධාන පෙළේ මොල් හිමියන් තොගමිල ඉක්මවා දේශපාලන අරමුණු සපුරා ගැනිම සදහා නඩු කිලෝවක් රුපියල් 230කට අධික මිලකට තොග සපයයි.

කෙසේ වෙතත් පිටකොටුවේ තොග වෙළදුන් පවසන්නේ මෙතෙක් ඉන්දියාව සහල් අපනයනය කිරිමේ තහනම ඉවත් කිරිමත් සමග මෙට්‍රික්ටොන් එකක් ඩොලර් පන්සියක මුදලකට අලෙවි වන බවයි.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ මහපාරිමාන මොල් හිමියන් දිගින් දිගටම මෙි ආකාරයට වැඩිමිලට සහල් අලෙවි කරන්නේ නම් ජනවාරි අවසන් වන තෙක් රටෙි වී අස්වැන්ක් නොලැබෙන නිසා කෙටි කාලිනව   පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට සතොස හරහා හෝ අඩුමිලට ආනයනය කර බෙදාහැරිමට කටයුතු කරන ලෙසයි.‍

එසේ ආනයනය කළත් කිලෝවක් රුපියල් 150-160 මිලකට අලෙවි කළහැකි බව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *