සහල් මිල  ඉහළ දාලා තියෙන්නේ පොහොටිටුවේ  නිපුනයි  හා සජබයේ  ජාතික ලැයිස්තු අපේක්ෂක නිවි රත්නයි

සහල් මිල පාලනය සදහා බාධා කරනු ලබන්නේ පොදු ජනපෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් නායක සිරිපාල ගම්ලත්  හෙවත් නිපුන හා සමගි ජනබල වෙිගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකධුර ලංකේෂ්වර මිත්‍රපාල හෙවත් නිවිරත්න සහල් අධිපතිවරයා ඇතුලු මොල් හිමියන් කිහිප දෙනකෙු බවට බුද්ධි අංශ මගින් හදුනා ගෙන ජනාධිපතිවරයාට වාර්තා කර තිබෙි.

එම තොරතුරු ද අතැතිව ඊයේ මහපාරිමාන මොල් හිමියන් කැදවු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසා ඇත්තේ සහල්වල පාලන මිල වෙනස් කිරිමට කිසිදු තිරණයක් නොමැති බවයි.

ජනාධිපතිවරණය අවසන් විමත් සමග අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් සදහන් කළේ රජයේ පාලන මිලට ලබන ජනවාරි 20 තෙක් සහල් ලබා දිමය සියලුම මොල් හිමියන් එකග  වී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ සාකච්ජාවෙන් පසු ඩඩ්ලි සිරිසේන මහතා මධ්‍යට පවසා ඇත්තේ ” දැන්  වී තියෙන්නේ ගොවින් ළග නොවෙයි.ව්‍යාපාරිකයින් අතේ,මේ අය කලින් එකගවෙලා හිටියේ  පාලන මිලට දෙන්න.මේ සහල් මිල ඉහළ යන්නට හේතුවුයේ තමන් හොදින් දන්නා ප්‍රධානපේළේ ව්‍යපාරිකයින් කිහිප දෙනෙක් සහල් වෙලද පොලට දාන එක නතර කථ නිසයි.'”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *