ලොහාන් රත්වත්තේගේ ලේකම් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය වරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ පුද්ගලික ලේකම් වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කල අයෙකු වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාළ හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු (20) මරණයට පත්ව තිබෙව බව රෝහල් ආරංචි මාර්ග සහ මහනුවර පොලීසිය සඳහන් කරති.
මෙම පුද්ගලයා මහයියාව පෙදෙසේ දී මෙලෙස වෙඩි ැවැදීමකට ලක්ව තිබෙන බවත් ඔහු වෙඩි තබාගත්තේද යන්න මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් මේ සම්බන්ධව කල විමසීමකදී මහනුවර ජේය්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
සිද්ධිය පිළිබඳව මහනුවර ජාතික රෝහලේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා බස්නායක නැමති හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්ගේ ලේකම් වරයෙකු බවද පැවසීය.
සිය මහයියාව කාර්යාලය තුලදී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇති බවත් ,ඔහු වෙඩි තබාගෙන අද්ද යන්න පොලිසීය පරීක්ෂණ පවත්වන බවත් දැනගන්වට තිබේ. ලොහාන් රත්වත්තේද මේ වන විට සිය දේශපාළන කටයුතු වලින් ඈත්වී සිටී. ඔහු මෙවර ජන්දයට ඉදිරිපත් වීමෙන්ද වැළකී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *