තාමත් ජනාධිපති මෛත්‍රි ද ,දහම්ට ආරක්ෂාවට මහවැලි සිකුරිටිය, ලක්ෂඋයනේ අඹවත්තට වතුර දාන්නත් පොලිසියේ දෙන්නෙක්

සර්ව ජනබලපක්ෂයෙන් පොලොන්නරුවට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  පුත් දහම් සිරිසේනගේ ආරක්ෂාවට යොදවා ඇත්තේ මහවැලි අමාත්‍යංශය යටතේ ඇති එහි ආරක්ෂක අංහයේ දෙනෙකු බව වාර්තාවෙි.

මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ඇමතිව සිටින කාලයේ සිට ඔහු ලග සේවයේ සිටින චුලා හා ගයාන් යන දෙනෙනා තවදුරටත් දහම්ගේ ආරක්ෂාවට යොදවා ඇති බව සදහන් වෙි.ගයාන් මෛත්‍රිපාල මහතාගේ ඥතියෙකු වන  අතර පොලොන්නරුවෙි සිය නිවසේ මුලුතැන්ගෙයි වැඩට යොදවා ඇත්තේ ද මහවැලියේ සේවය කරන ජයකොඩි නැමති අයෙකි.

මිට අමතරව හිටපු ජනාධිපතිවරයාගේ ලක්ෂඋයන ප්‍රදේශයේ පිහිටි අඹ වත්තේ වතුර දැමිමටද යොදවා ඇත්තේ පොලිස් නිළදාරින් දෙනෙනෙකි.

ඊට අමතරව සිය වැඩිමහල් දියතියට අයත් බැදිවැවේ වැඩට යොදවා ඇත්තේද පොලිස් නිලදාරින් බව සදහන්වෙි.ඇයගේ ආරක්ෂාවට  හා කොළඹ නිවසට මෙන්ම සරිසේන මහතාගේ  අනෙක් දියණිය පදිංච් බත්තරමුල් නිවසට හා වාහනයේ රියදුරු සේවයට යොදවා ඇත්තේ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක නිලදාරින් බව වාර්ථාවෙි.

මිට අමතරව පොලොන්නරුව නවනගරයේ බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාලයේ සේවයට යොදවා ඇත්තේද මහවැලි කාර්ය්‍ය මණ්ඩලයේ අය බව සදහන්වේ.සිරිසේන මහතාගේ එම කාර්යාලයේ සේවය කරන නලින් හා තරිදු ඉන් දෙදෙනකි. ඉන් අයෙකු ඔහුගේ ජායාරූප ශිල්පියා ලෙස සේවය කරයි.
මේසේ විශ්‍රාමික ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරක්ෂාවට පොලිස් නිළාධාරින් 125 දෙනෙකු සේවයට යොදවා ඇති අතර ඔවුන් වැඩි පිරිසක් සිරිසේන මහතාගේ දුවා දරුවන්ගේ හා නිවස්වල සේවයට යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *