ගම්මන්පිල නටන්නේ ටිරාන්ගේ පදයට, අරමුණ රවි හා ශානි මට්ටු කිරිම

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මේදිවල නටන නාඩගමේ අධ්‍යක්ෂකවරයා ලෙස ටිරාන් අලස් කටයුතු කරන බව වාර්තාවෙි.
පාස්කු ප්‍රහාරයේ වාර්ථාවක් තමන් ළග ඇති බව සදහන් කරන ඔහු එය හෙට දිනයේ හෙළි කරන බව මේවන විට ප්‍රකාශ කර ඇත.
චැනල් 4 නාලිකාවෙි විකාශනය කළ සිද්ධියක් සමිබන්ධයෙන් හිටපු නිතිය හා සාමය ඇමති ටිරාන් අලස්ගේ වුවමනාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බල කර පත්කළ කමිටුවක් විසින් සකස්කළ එම වාර්ථාවෙි මුලික අරමුණ වී ඇත්තේ හිටපු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හා එහි හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබෙිසේකර මට්ටු කිරිම බව වාර්තාවේ.
එසේ සකස් කළ වාර්තාව ටිරාන් අලස් විසින් සිය භාරයට ගෙන තිබෙි. ඇමතිවරයෙකුට කාර්ය්‍ය මණ්ඩලය පස් දෙනෙකු හිමි වන අතර ඉන් දෙදෙනකු පමණක් අමාතයාංශයේ සේවයට යොදවා ඉතිරි තිදෙනාගෙන් අයෙකු එ කාලයේ ගම්මන්පිලගේ කාර්යාලයේ සේවයට යොදවා තිබි ඇත. එසේ සේවය කළ අය විසින් ආදාළ වාර්තාව ගම්මන්පිල අතට පත් කර ඇති අතර පසුව ඔහු විසින් පවසන්නේ අදාළ වාර්ථාව අනුර කුමාර ජනාධිපති වු පසු එහි සිටින මියෙකු විසින් තමන්ට දුන් බවයි.
කනගාටුවට කරුණ නම් මෙිවැනි දෙපිට කාට්ටු වැඩ කරන ටිරාන් අලස්ට පාතාලයෙන් තර්ජන බව පවසා ඔහුට පොලිස් විශේෂ කාර්ය්‍ය බලකා පොලිස් පරික්ෂකවරයෙකු හා තව හත් දෙනකු සමග පොලිස් නිළධාරින් දාහත් දෙනෙකු ආරක්ෂාවට රජයෙන් ලබා දිමයි.
මෙහි දී කිව යුත්තේ ටිරාන්ට ඇති තර්ජනය නම් අනිවාර්ය්‍ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් තොරාගත් පාතාල කණ්ඩායම් මර්ධනය කර අනෙක් පාර්ශවයෙන් කප්පම් ලබා ගැනිම නිසා ආදාළ පාර්ශවයෙන් එල්ල වී ඇති තර්ජන පමණි . ඒඅනුව යුක්තිය නමින් සිදු කළ ගතමනාව සොයා ගැනිමේ ටිරාන්ගේ මෙහෙයුම ලෙස එය හැදින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *