VOICEOF LANKA පෙන්වා දුන් CEB එකට CPC යෙන් ගන්න ඩිසල් සදහා වට්ටම් මිලකට දෙන්න ජනපතිගේ අවධානය

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධන බෙදුම් කරුවන්ට ලබා දෙන ආකාරයේ වට්ටමකට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාගැනිමේදී අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කඩිනම් අවධානය යොමුවී ඇති බව වාර්තාවෙි.
එසේ ලබා දෙන්නේ නම් පාර්භෝගිකයින්ගේන් අයකරන ව්දුලි බිලෙන් සැලකිය යුතු මුදලක් අඩු කළ හැති බව එම මණ්ඩලය නිළධාරියෙකු පෙන්වා දුන්නේය.
බෙදුම්කරුවන්ට තෙල් සංස්ථාව ඉන්ධන ලිටරයක් සඳහා 2.75% අලෙවි වට්ටමක් ලබා දෙන නමුත්, ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) එම වට්ටම ලබා නොදෙයි.
ඒ අනුව අප පෙන්වා දුන් පරිදි ඩිසල් ලබා දිමෙිදි මෙම වට්ටම ලබා දෙන ලෙසට අදාළ අංශ ජනාධිපතිවරයා විසින් දැන්වත් කර ඇති බව සදහන්වේ.
2023 දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් බිලියන 278.8ක් වැය කර ඇත. ඒ ඩිසල්, නැප්ටා, පර්නස් ඔයිල් සදහායි.ඒ අනුව දිනකට ලිටර් ලක්ෂ දහයක් පමණ මිලදී ගනියි.
ඉහත වට්ටම ලංකා විදුලිබල මණ්ඩලයටත් ලබා දෙන්නේ නම්, පාරිභෝගිකයන් මත පැටවෙන බර සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් විදුලි ගාස්තු අඩු කිරිමේ හැකියාව පවතියි.
ඒ අනුව රාජ්‍ය සමාගමකින් තවත් රාජ්‍ය සමාගමකට රුපියල් බිලියන 7.5ක ලාභයක් ලැබෙන් අතර එම මුදල පාර්භෝගියාට අඩු කළ හැකිය. එහෙත් මෙම වට්ටම ලබාදෙන්නේ පෞද්ගලික අලෙවිකරුවන්ට පමණි .
කෙසේ වෙතත් හිටපු ඇමති කාංචන විජේසේකර සැලසුම් කර ඇත්තේ සිනෝෆැක් ආයතනයෙන් විදුලිබල මණ්ඩලයට තෙල් ලබා ගැනිමටයි. එම සමාගමේ මෙරට නියෝජිතයා ඔහුගේ ඥතියෙක් බවට පසුගිය කාලයේ මාද්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *