දේවාලයේ පිංකැටයට වගකියු නිලමේ දියන්නාව තරණය කරන්න හදයි

උඩරට කිරිමුහුද පැත්තේ කුඩා දේවාලයක බස්නායක නිළමේ පට්ටමක් දෑරූ පුද්ගලයෙකු දියවන්නාව තරණය කරන්න සුදානම් වෙලා. ඔහු පෙර දෑරු තනතුරේ සිටි කාලයේ දේවාල අරමුදලේ රුපියල් ලක්ෂ හතහාමාරටත් වගකියාලා ආරංච්.
ඒ කාලයේ මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කල පරීක්ෂණ ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ඉතා සූක්ෂම ලෙස යටපත් කර ගෙන ඇත්තේ දෙවියන්ගේ පිහිටෙන් නම් නොවෙියි. ඒ සිය දේශපාලන බලය යොදමිණි.
මේ අතර කාලයේ කුඩා දේවාලේ නිළමේ එහි පිං පෙට්ටිය සිය ගෝලයෙකු යොදවා සිය නිවසට ගෙන්වා ගෙන.
එසේ දේවාල සේවකයා රැගෙන ආ පිං පෙටිටියේ තිබු මුදල් එම සේවකයා ලවාම ගනන් කර එහි තිබූ රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලට වගකියා තබෙි.මෙම තොරතුරු දේවාලයේ සේවකයින් අනාවරණය කර ඇත.
මෙවන් තත්වයක මෙම නිළමේ වරයා කලක් තමන් සිටි පක්ෂයට බායි කියා ජාම බෙිරා ගන්න දියවන්නාවෙි විපක්ෂය ගන්න මාන බලන පක්ෂයට හේත්තුවි දියවන්නාව තරණය කිරිමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *