තෙල් සංස්ථාව බෙදුම් කරුවන්ට දෙන වට්ටම CEB එකටත් දෙන්නේ නම් විදුලි බිල සැලකිය යුතු මුදලකින් පහළට

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධන බෙදුම් කරුවන්ට ලබා දෙන ආකාරයේ වට්ටමකට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දෙන්නේ නම් දැනට පාර්භෝගිකයින්ගේන් අයකරන ව්දුලි බිලෙන් සැලකිය යුතු මුදලක් අඩු කළ හැති බව එම මණ්ඩලයේන් වාර්ථාවෙි.
බෙදුම්කරුවන්ට තෙල් සංස්ථාව ඉන්ධන ලිටරයක් සඳහා 2.75% අලෙවි වට්ටමක් ලබා දෙන නමුත්, ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) එම වට්ටම ලබා නොදෙයි.
2023 දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් බිලියන 278.8ක් වැය කර ඇත. ඒ ඩිසල්, නැප්ටා, පර්නස් ඔයිල් සදහායි.ඒ අනුව දිනකට ලිටර් ලක්ෂ දහයක් පමණ මිලදී ගනියි.
ඉහත වට්ටම ලංකා විදුලිබල මණ්ඩලයටත් ලබා දෙන්නේ නම්, පාරිභෝගිකයන් මත පැටවෙන බර සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් විදුලි ගාස්තු අඩු කිරිමේ හැකියාව පවතියි.ඒ අනුව රාජ්‍ය සමාගමකින් තවත් රාජ්‍ය සමාගමකට රුපියල් බිලියන 7.5ක ලාභයක් ලැබෙන් අතර එම මුදල පාර්භෝගියාට අඩු කළ හැකිය. එහෙත් මෙම වට්ටම ලබාදෙන්නේ පෞද්ගලික අලෙවිකරුවන්ට පමණි .මෙම තත්ත්වය CPC හි ඉන්ධන මිල නියම කිරීමේ ප්‍රතිපත්තිවල සාධාරණත්වය සහ රටේ ඉහළ යන ජීවන වියදම කෙරෙහි සෘජු බලපෑම ඇති කරන බව සදහන් කළයුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *