පොහොට්ටු කාර්යාලයේ සේවකයාට වැටුප් නොගෙවිම නිසා පෝස්ටර් විකුණා මුදල් කරගෙන

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  තෙල්දෙණියේ දේශපාළන පක්ෂ  කාර්යාලය  ආරම්භ කර  එහි වැඩ කටයුතු  කරගෙන යාමට  පත්කල සේවකයාට ගෙවිය යුතු වැටුප් මුදල් නොගෙවීම නිසා  එම පක්ෂ කාර්යාලයට  මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එවා  තිබු විශාල ප්‍රචාරක පත්‍රිකා තොගයක් පරණ පත්තර කඩයකට විකුණා එම පක්ෂ කාර්යාලයේ සේවකයා රුපියල් 27000/= ක මුදල  තමාගේ වැටුප ලෙස පියවා ගෙන තිබේ.

පක්ෂයට වැඩ කිරීම සඳහා පොහොට්ටුවේ  ප්‍රධාන කාර්යාලයෙන් එවා තිබූ මුදල් පොහොට්ටුවේ මහනුවර ප්‍රබල මහාචාර්ය  වරයෙකු විසින්යටි මඩි ගැසීම නිසා පොහොට්ටුවේ මැතිවරණ  කටයුතු සංවිධානය කරන කොට්ඨාශ සංවිධායකයන්ට මුදල් නොලැබීම නිසා ඔවුන් සියලු දෙනා  පොහොට්ටුවේ සංවිධාන කටයුතු වලින්ද ඉවත්වී  සිටීයේය.

ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධානය බාරගත් මහචොර්යය වරයා පක්ංෂයෙන්  ලැබුණු සල්ලි ටික රැගෙන අතුරුදහන් වීම නිසා පොහොට්ටු පක්ෂයට වැඩ කිරීමට අයෙකු සොයා ගත නොහැකි වී තිබේ. පොහොට්ටුවේ වැඩි පිරිසක් මාළිමාව පැත්තට හැරී සිටින නිසා  දැන් තෙල්දෙණිය ආසනේ පොහොට්ටුව පරවී යන තත්ත්වයක් උද්ගත වී තිබෙනබව පොහොට්ටුවේ ආධාර කරුවන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *