කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව සතු ඉඩමක් තුට්ටු දෙකට අලෙවි කළ හිටපු සභාපති

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව සතු ගම්උදා භූමියේ  කෝටි   දහයක් පමණ වටිනා ඉඩමක්   කුණ්ඩසාලේ   හිටපු ප්‍රබල  දේශපාළනඥයෙකුගේ  සමීපතම   ව්‍යාපාරිකයෙකුට    අතයට ගනුදෙනුවකට  වසර  විසිපහකට     ලබාදී ඇති  බවත් මෙම  වටිනා ඉඩම ලබාදී ඇත්තේ කුණ්ඩසාලේ එවකට හිටපු  සභාපති රංජර අක්මීමන  ඇතුලු පොහොට්ටුවේ සහ  ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ එකඟත්වය මත බව  කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ ජේය්‍යෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම වටිනා ඉඩම  කුණ්ඩසාලේ හිටපු දේශපාලනඥයාගේ  සගයාට  ලබාදීමට  සන්තෝංසම්  වශයෙන් ලක්ෂ  15  කට අධික මුදලක්   එවකට සභාපති ධූරය දැරූ   දේශපාළනඥයාට    ලැබී තිබෙන බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව සතු මෙම ඉඩම කිසිසේත් විකීණීමට නොහැකි බව සභාවේ නිලධාරින් පවසයි.

මෙම ඉඩම ඉතා රහසිගතව සුපර් වෙළදසැල් හිමිකරුවෙකුට විකීණීමටද එය බදු ගත්  ව්‍යාපාරිකයා රහසිගතව කටයුතු කරගෙන යයි.

මේ අයුරින්ම කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව සතු  දිගන නගරයේ පොදුවැසිකිළිය අසළ පිහිටි වටිනා ඉඩමක්  කුණ්ඩසාලේ එවකට සිටි ප්‍රබල දේශපාළනඥයාගේ බිරිඳට ප්‍රාදේශීය සභාවේ  සභාපති වරයා විසින් ඉතා සූක්ෂමව ලබාදී තිබෙන බව කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් පැවසීය.

මහනුවර දිගන නගරයට යාමට ඇති ප්‍රධාන මහා මාර්ගය ඉදිරිපිට මධ්‍යම පලාත් සභා සංකීර්ණයට ඉතා සමීපව  පිහිටි ප්‍රාදේශිය සභාව සතු ඉඩම ව්‍යාපාරිකයාට  ලබාදී ඇත. ඉඩමේ දැවැන්ත අලංකාර ගොඩනැගිල්ලක්ද ,එය  දේශපාළන හයියෙන් ලබාගත් ව්‍යාපාරිකයා විසින් ඉදිකර තිබේ .මෙම ඉඩම  දේශපාළන සගයාට ලබාදීමෙන් පසුව එවකට කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය හෙබවූ රංජර අක්මීමන නැමැත්තා  සභාවේ අනෙකුත් මන්ත්‍රී වරුන්ට සහ මන්ත්‍රී වරියන්ට රුපියල් ලක්ෂය බැගින්  වූ මුදලක්ද බෙදාදී ඇති බව දැනගන්නට ලැබිණි.

මෙම මහා  ඉඩම් වංචාව යට  ගසා දැමීමට ඉතා සූක්ෂමව කටයුතු කල දේංශපාළනඥයන් හා රාජ්‍ය නිලධාරින්  තවමත් රාජ්‍ය සේව⁣යේ  සිටිති

මෙම ප්‍රාදේංශීය  සභාව පාලනය කලේ එවකට පලාතේ දේශපාළකයෙකු  වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනි. කුණ්ඩසාල  ප්‍රාදේශිය සභාවේ සභාපති ධූරය හෙබවූයේ  ඔහුගේ ගෝලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *