නාවුල පොලිසියේ හරක් ලොරි ආදායමෙන් කොටසක් ලොක්කෝ දෙන්නෙකුට

මාතලේ  නාවුල පොලිසියේ ස්ථානාදිපතිවරයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ දිනපතා ඒ හරහා මහනුවර දෙසට ගමන් කරන හරක් ලොරිවලින්  අල්ලස් ලබා ගැනිම බව වාර්ථාවෙි.

ඒ නුව දිනකට අඩුම තරමේ හරක් ලොරි සහයක්වත් ඒ දෙසට ගමන් කරන අතර සෑම ලොරි රථයකින්ම රුපියල් හයදහසක මුදලක් ලබා ගන්නා බව වාර්ථාවේ.

ඒ සදහා දිනපතා පුරුදු පොලිස් නිළදාරින් දෙදෙනෙකු රාත්‍රි මාර්ග ආරක්ෂාවට යොදන අතර  එසේ ලබා ගන්නා මුදලින් එක් ලොරියක් වෙනුවෙන් එම නිළදාරින්ට රුපියල් දහස බැගින් දෙදෙනාට රුපියල් 2000ක් ලබා දෙයි.

ඉතිරි රුපියල් හාර දහස ස්තානාධිපතිවරයාට ලබා දෙන අතර ඔහු ඉන් දෙදහසක් කොඨඨාශ පොලිස් අධිකාරිවරයාට ලබා දෙන බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *