BOI ලේබලයට මුවාවෙමින්  ලලිත් හපන්ගම සිදු කරන බදු වංචාවන් ගැන රජය කඩිනම් අවධානය යොමු කළ කාලය එළඔ තිබෙි

කිර්තිමත් ව්‍යාපාරික ඩෙවිඩ් හපන්ගම මහතාගේ පුත් වුද, හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදිප් හපන්ගම මහතාගේ බාල සොහොයුරු ලලිත් හපන්ගම මහතාගේ අනිතිකව BOI නාමපුවරුවට මුවා වෙමින්  ලලාන් රබර් පුද්ගලික ආයතනය සිදු කරන කොට් ගණනක් බදු වංචාව හා රටට කරන ද්‍රෝහි ක්‍රියාවන් කෙරෙහි රජය අවධානය යොමුකළ යුතු කාලය එළඹතිබෙි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදෙන දරුණු ආර්ථික අර්බුදයට ප්‍රාධාන වශයෙන් වගකිව යුත්තේ දුරදිග නොබලා වැරදි තිරණ ගත් දේශපාලකයන් මෙන්ම චෞර ව්‍යාපාරිකයින්ද බව සැවොම දන්නා ප්‍රසිද්ධ රහසකි. එයින් ද ඉතා කූට ලෙස ධනය උපයා එම ධනය වෙනත් රටවල තබා තිබෙන ව්‍යාපාරිකයින් මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුව තිබෙන හනිය සුලුපටු නොවේ.

මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පාර්ශවයක් වන්නේ මෙම චෞර ව්‍යාපාරික පැලන්තියයි.

ලලාන් රබර් පුද්ගලික ආයතනයේ අධිපති ලලිත් හපන්ගම මහතා මෙවැනි චෞර ව්‍යාපාරික ලැයිස්තුවේ ඉහලින්ම සිටින ව්‍යාපාරිකයින් ගෙන් එක් අයෙකි. ඉතා  නිහඩ, සමාජයට නිරවරණය විම මගහරින මෙම චෞර ව්‍යාපාරික ලලිත් හපන්ගම සිය ව්‍යාපාර කටයුතු වලින් උපයන ධනය සිංගප්පුරුව සහ ඕමානය යන රාජ්‍යයන්ගේ බැංකු ගිණුම්වල සගවාගෙන ඇති බව වාර්ථාවේ.

ඇමරිකනු ඩොලර් මිලියන 150 කට ආසන්න ආදායමක් උපයන ලලාන් රබර්  සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම නිශ්පාදන ක්ශ්‍රේත්‍රයේ ඇති ආයතනයකි. මෙම ආයතනයට  ලංකාව තුල ඉඩම් හෙක්ටයාර් 17,000 පමණ අයිතිය ලබගෙන ඇත. එක් ආයතනයක් ලංකාව තුල හෙක්ටයාර් 17,000 පමණ වු ඉඩම් ප්‍රමාණයක් භවිතා කිරිම ඉතා ප්‍රශ්ණ සහගතය. මෙම ඉඩම් පරිභොජනය ශ්‍රී ලංකා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල නිති විරෝධී ක්‍රියාවකි.

කෙසෙ වෙතත් ලලිත් හපන්ගම මහතා සිය කර්මාන්තශාලා බහුතරයක් ආයොජන ප්‍රවර්ධන කලපයේ (BOI) වල පවත්වාගෙන යන්නේය. අත් වැසුම් නිශ්පාදන ක්ෂෙත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ලලාන් රබර් ආයතනය සිය කර්මාන්ත ශාලා අයොජන ප්‍රවර්ධන කලාප වල පවත්වා ගෙන යාමෙන් බදු සහන රැසක් ලබාගෙන ඇත.

එසෙ වුවද මෙම බදු සහන යටතේ නිශ්පාදනදය කරන අත්වැසුම් අලෙවියෙන් ලැබෙන විදේශ මුදල් රටවල බැංකු ගිණුම්වල තබා සිටිම අනුමත කල නොහැකි ක්‍රියාවකි.

ලලාන් රබර් ආයතනය ලලිත් හපන්ගම මහතාගේ ඍජු අධික්ෂනය යටතේ ලිඩ් සෙෆ්ටි(Lead Safety) යන නමින් ව්‍යාපාරක් පවත්වා ගෙන යන්නේය.මෙම ලිඩ් සෙෆ්ට් ආයතනය ව්‍යාපාරික ආයතනය ජාලයක් ලෙස ඕමාර් (Oman) ඔස්ට්‍රේලියා(Australia) එක්සත් රාජ්‍යය යන රටවල සංස්ථාපනය කර ඇත.මෙම Lead Safety ආයතනය මගින්  කරනණුයේ ලලාන් රබර් ආයතනය මගිනි නිශ්පාදන කරණු ලබන අත්වැසුම් ඒ ඒ රටවල බෙදාහැරිම් කිරිමය.

 නමුත් මෙහිදී සිදුවනුයයේ ආයොජන කලාප වල බදු සහන යටතේ නිශ්පාදන කරණ අත්වැසුම් ආයොජන මණ්ඩලයේද ඇස්වලට වැලි ගසා ආඩුවෙන් කුවිතාන්සි ගතකොට Cunder value lead safety නමින් බෙදා හැරිමයි. මෙහිදී අදාළ මුදල් Lead Safety ආයතනය සංස්ථාපනය කර ඇති රටවල බැංකු ගිණුම්වලට බැර වේ.

ලංකාව මුහුණ දුන් තෙල් පොලිම්, ගෑස්  පොලිම්, වලට මුලික වුණ විදේශ විනිමය නොමැතිකම සිදුවුයේ කාලයක් තිස්සෙ ලලිත් හපන්ගම වැනි ව්‍යාපාරිකයින් ගෙන ගිය ඊනියා  ව්‍යාපාරික කටයුතුය. මෙසේ සගවා ඇති ධනය ශ්‍රී ලංකාවට ගෙන ඒම නව ආණ්ඩුව සතුව ඇති ප්‍රමුඛතම කාර්යක් ලෙස අපි විශ්වාස කරමු.

කෙසෙ වෙතත් මේ වන විට මෙම ලලාන් රබර් ආයතනයටත් ලලිත් හපන්ගම මහතාට විරුද්ධවත් මිනිසුන් පෙල ගැහෙමින් සිටින්නේය.ලලාන් රබර් ආයතනයට අයත් වරකාපොල කර්මාන්තශාලාව අවස්ථා ගනනාවකදිම ගිණි ගැනිම් වලට ලක්වි ඇත. අවසන් වරට එය මෙම වසරේ මුල් භාගයේ දි ගිණි ගැනිමට ලක්වුයේ ඉතා විශාල  පරිසර හානියක් හා පිඩාවක් අසල්වසි ජනතාවට ගෙන දෙමිණි.

මෙතරම් විශාල හානියක් අවස්ථා ගාන්නාවකදිම සිදුවුවත් හාත්සයට ලක්වන කාරනය නම් අදවන තුරුත් කර්මාන්තශාලාවට ගිණි නිවිමේ උපකරණ සවි නොකර තිබිමයි.මින් එලඹ්ය හැකි නිගමනය වන්නේ මෙය චේතාත්විතව රක්ෂණාවරණයෙන් මුදල් ගැනිම සදහා කරණ ලද්දක් බවය.කෙසේ හෝ මෙම චෞර ආයතනයටත් එහි හිමිකරු ලලිත් හපන්ගම මහතාටත් විරුද්ධ ජනයගේ නැගී සිටීමක් සිදුවෙමින් පවති.

මේවන විට ඔස්ට්‍රේලියාවේ මහාධිකරණය තුල ලලාන් රබර් ආයතනයට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වෙමින් ඇත්තේ ලලිත් හපන්ගම මහතාගේ කූට ව්‍යාපාරික කටයුතු නිසා පිඩා විදි ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයන් ගේ මුලිකත්වෙනි. මෙම නඩු විභාගය ඍජුව හා වක්‍රව  ශ්‍රී  ලංකාව තුල සිටින අනෙක් අපනයන කරුවන්ටද බලපාන්නේ ය. මෙම නඩු විභාගය මගින් ශ්‍රී ලංකවේ නිෂ්පාදනයන් සදහා තිබෙන විශ්වාසනියත්වයට කෙරෙන හානිය සුලු පටු නොවේ.

එමනිසා මෙවැනි  ව්‍යාපාරිකයෙක් නිසා සමස්ත ශ්‍රී ලංකේය ජනතාව දුක් විදින කාලය අවසන් කිරිම නව රජය හමුවේ ඇති අභියෝගයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *