ඩොලර් ශත 10ක් අඩුයි කියා ටිරාන් තලිස්ලට දුන් ගුවන්ගමන් බලපත්‍ර ඇනවුමට වැඩිපුර තව ඩොලර්යක් පොතකට ගෙවන්න වෙලා

ඩොලර් ශත දහයක වාසිය බව හගවා ඊ පාස්පොර්ට් ඇනවුම ලබා දුන් තලිස් ( Thales DIS Finland Oy) සමාගමෙන් ලබා ගන්නා පාස්පොර්ට් සදහා ඊට පෙර පාස්පොර්ට් ලබා ගත් ආයතනයේ මිලට වඩා ඩොලර් ශත පනහක පමණ ආලභයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදිමට සිදුවන බව වාර්තාවෙි.
ඊ පාස්පොර්ට් සදහා ටෙන්ඩර් කැදවිමෙන් පසු තලිස් සමාගම ඩොලර් 4.62ක්ද, මෙට්ට්‍රෝපොලිටින් 5.28ක් හා එපික් ලංකා ආයතනය 5.63ක් වශයෙන් මිල ගණන් ඉදිරිපත් කර තිබෙි.ඒ අනුව අඩුම මිල ගණන් ඉදිරිපත් කළ තලිස් සමාගමට ඇනවුම් ලබා දි ඇත.
කෙසේ වෙතත් පසුව ඇතිවු පාස්පොර්ට් හිගය නිසා දැනට භාවිතා කරන චිපය සහිත පාස්පොර්ට් හත්ලක්ෂ පනස් දහසක් කඩිනමින් මුද්‍රණය කිරිමට ලබා දි ඇත්තේ ඊ පාස්පොර්ට් ටෙන්ඩරයට ඉදිරිපත් කළ මිලට වඩා ඩොලර් ශත 10 (4.52) අඩුවෙණි.එහෙත් දැන් භාවිතා කරන ගුවන්ගමන් බලපත්‍රයේ පිටු ප්‍රමාණයට වඩා අඩුපිටු ප්‍රමාණයක් (පිටු 42)අඩුවෙනි.
කෙසේ වෙතත් එම ආයතනය මෙරට පාස්පොර්ට් සැපයුමට ආදාළ ලබා ගතයුතු අන්තර් ජාතික සහතිකය (ලයිෂන්)ලබා ගෙන නොමැත.
ඒ සදහා දැනට එම සහතිකය ලබා ගෙන ඇත්තේ මෙතෙක් පාස්පොර්ට් ඇනවුම සැපයු එපික් සමාගම පමණි.
කෙසේ වෙතත් හිටපු ඇමති ටිරාන්ගේ උවමනාවට කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තලිස් සමාගමට ගුවන්ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් මුද්‍රණය කිරිමට ලබා දිම සමිබන්ධයෙන් එපික් ආයතනය අධිකරණයේ නඩු පැවරිමෙන් පසු අවසානයේ දෙපාර්ශවය සාකච්ජාවෙන් ප්‍රශ්ණය බෙිරා ගැනිමේ එකගත්වය මත එපික් සමාගමටද පොත් ලක්ෂ පහක් මුද්‍රණය කිරිමට ලබා දිඇත.
කෙසේ වෙතත් තලිස් සමාගම සපයන අඩු පිටු සංඛ්‍යාවක් සහිතව පොත් පී කාන්ඩය යටතේ මුද්‍රණය වන අතර දැනට ලබා දෙන එපික් ආයතනයේ පොත් එන් කාන්ඩය යටතේද මුද්‍රණය වන නමුත් තලිස් සමාගමට අන්තර් ජාතික සහතික ලබා ගෙන නොමැති නිසා එවාද එපික් සමාගමේ ලයිෂන් එක යටතේ නිකුත් කිරිම සදහා එම සමාගමට තවත් ඩොලර් 1.5 ආසන්න මුදලක් ගෙවිමට සිදුවන බව වාර්ථාවෙි.එම තත්වය මත අඩු පිටු පුමාණයකින් සමන්විත පොතක් සදහා තලිස් සමාගමට ඩොලර් 4්‍.52ක් හා එපික් සමාගමෙි ලයිෂන් ගාස්තුවට 1.5 වශයෙන් එක් ගුවන්ගමන් බලපත්‍රයක් සදහා ඩොලර් හයකට වැඩි මුදලක් වැය කිරිමට සිදුව ඇති බව වාර්තාවේ.
මෙහි දී අවධාරණය කළ යුත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමතිව සිටි ටිරාන් අලස් එන් ඉවත් වුවත් ඔහු එකළ ගෙනවිත් දැමු හොර දෙටු පරිපාලන පිල්ලි තවමත් ඒ ආකාරයටම කටයුතු කරන බව අවදාරණය කරන්නේමු. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බංධනාගාර ගතවුවත් ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවට ගෙවිත් ඔහු ඇති දැඩි කළ දෙවන හා තුන්වන පෙළ, ලොක්කා ඉගැන්වු හොර හා මජර වැඩ තවමත් ඒ ආකාරයෙන්ම කර ගෙන යන බව සදහන් කළ යුතුය.එ බව වත්මන් ආණ්ඩුවේ බළධාරින් නොදන්නාවා විය හැකිය. මෙම ඩොලර් 1.50 ක මුදල වැඩි පුර ගෙවිමට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් නිසාවෙනි. රාජ්‍ය පරිපාලන නිළධාරින් කපා දමන බවට මොර ගාන එම නිළදාරින් දැන ගතයුතුව ඇත්තේ රටකරවු දේශපාලඥයන්ට වැරදි උපදෙස් ලබා දුන්නේ ඔවුන් බව අමතක වී තිබිමයි. එහෙත් එසේ වැරදි කළ ඔවුන් පරිපාලන නිලධාරි ලේබලයට මුවාවි මල්ලිලා ටික එකතුවී වැරදි කර ගෙන ගිය පරිපාලන අයියලා බෙිරා ගැනිමට දත කැමයි.එසේ නිතිය හා සාමය අමාත්‍යංශයේ තවදුරටත් පෙර සිදු කළ දුෂිත ක්‍රියා ඒ ආකාරයටම සාදාරණිය කරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ නම් ගම්, මෙන්ම ඔවුන්ට සම්බන්ධ ඉහළ නිළදාරින් මෙම ස්ථාැනවලට ගෙන ආ ආකාරය , ඔවුන්ව ආරක්ෂා කරන ඉහළ නිළදාරින් සම්බන්ධයෙන් තොතුරු රටේ මහජනතාවට දැනගැනිම සදහා හෙළිකිරිමට අප කටයුතු කරන බව අවධාරණයෙන් මතක් කරන්නේමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *