ඔය ගෝතයත් එක්ක ෆොටෝ එකකටවත් ඉන්නෑ – ජනපතිට විරුද්ධ නව අල්ලස් ලොක්කි කියයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ලැබුණු පැමිණිළි සියල්ල යටපත් කළ නිළධාරිණිය බව එහි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධියේ විවේචනය කරන ඇය “ඔය ගෝතයත් එක්ක ෆොටෝ එකකටවත් ඉන්නෑ” යනුවෙන් ආයතනයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවෙිගයට ජන්දය ලබා නොදෙන ලෙසට එහි පහළ සේවකයින්ට බලපැමි සිදු කළ බව නිලධාරින් බවසයි.

මෙම තත්වය මත පසුගිය රාජය සමයේ සිදුවු දුෂණ හා අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ආයතනයට ලැබි ඇති හා ලැබෙන පැමිනි සමිබන්ධයෙන් සාදාරණ විමර්ශනයක් සිදු වෙිද යන්න එහි නිලධාරින් ප්‍රශණ කරයි.
මිට පෙර ඇය අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස කටයුතු කළා ය.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා, පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් විමෙන් පුරප්පාඩුව සදහා මෙම පත්කිරිම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *