ඒ එස් පී මහානාමගේ පරික්ෂණ වැ.බ පොලිස්පතිගේ යාලු ඩි අයි ජි කිත්සිරි නිසා අතරමග නවති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික් ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබිමේ නාටකයෙන් හෙලිවු අයථා වත්කම් සිද්ධියේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි මහනාමට ඒ සියලු වත්කම් උපයා ගැනිමට අවහ්‍ය යටිතල පහසුකම් සකස් කර දී ඇත්තේ එවකට උතුරු මැද ජේස්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බව වාර්තාවෙි.
එස් එෆ් ලොක්කාගේ ඝාතනයට ද මහනාම සමිබන්ධ වී ඇති අතර කිත්සිරි ජයලත් අනුරාධපුර ඉසුරුමුනිය ප්‍රදේශයේ ඉදිකර ස්ටුප ස්ටාර් නැමැති තරු පංති හෝටලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ඇත්තේ මෙම මහනාම විසිනි.අදාළ හෝටලය ඉදිකිරිමට අවහශ්‍යය කුඹුරු ඉඩම ලබා ගෙන 2000 අංක 42 දරණ ගොවිජන සංවර්ධන පනතේ 28 වගන්තිය කඩ කරමින් සිය බලය යොදා එම කුඹුරු ඉඩම ගොඩකිරිමට කිත්සිරි ජයලත් කටයුතු කලේය.
කුරුණැගල නගරයට ආසන්න ලයිමමෙි ඉපිද පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස සේවයට එක්වු කිත්සිරි ජයලත් හෙවත් ලොකු රාලහාමි අදවනවිට වයඹ පලාතේම පොලිසි සිය ආදායම් උපයා ගැනිමේ මාර්ගයක් බවට පත් කර ගෙන සිය හිතවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරියගේ නම විකුනමින් තමන්ට එරෙහිව ඇති චෝදනා යටපත් කර ගෙන තිබෙි. ” මගේ බැජා තමයි දැන් පොලිස්පති උබලා ඔබලා ඕනෑ එකෙකුට කියපල්ලා , ජනාධිපතිත් අපේ කැම්පස් එකේ, ලේකනුත් අපේ කැමිපස් එකේ” යනුවෙන් ඔහු පාරම්බාන බව වාර්ථාවෙි.


ඔහු යන යන තැනට රැගෙන යන පොලිසියේ පොඩිඩන් 15 දෙනා අවට පොලිස් ස්තානවලට අනුයුක්ත කර පසුව ඔවුන් සිය හෝටලට හා ඔහු විසින් කුරුණෑගල හා කෑගල්ල ප්‍රදේශවල සිය මාමාගේ නමින් පවත්වා ගෙන යනු ලබන ලී බඩු සාප්පුවල සේවයට යොදවයි.එම ලී බඩු වෙළඳසැල් ජාලයෙහි දැව භාණ්ඩ ඔහුගේ නිල බලය යොදාගෙන සකස් කරන බවත් ඒවා ප්‍රවාහනය සඳහා පොලිස් නිලධාරීන් යොදා ගන්නා බවත් වාර්තාවේ.
දැනට කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්ප කුමාර හා පොලිස් පරික්ෂක සුමනසේකර මෙන්ම ඔහුගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂක ගංගනාත් ඉන් කිහිප දෙනෙකි.
අදවනවිට අනුරාධපුරයේ සිය හෝටලයට අවශ්‍ය වතුර බෝතල් සපයා ගනු ලබන්නේද මතව ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබන කෝල් වොර්ටර් වන අතර එවා සපයනු ලබන්නේද කෝරෝනා කාලයේ ඉන්දන සගවා ගෙන අලෙවි කිරිමෙි චෝදනාවට හසුව එය හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ බල පෑමට යටපත් කර ගෙන සිටින මාවතගම ස්ථානාධිපතිවරයා විසිණි.
මේ ආකාරයට නිතියෙන් තහනම් වු 48 සීසී වර්ගෙයේ යතුරුපැදි අලෙවි කල ස්ථාන හිමිකරුවන් බිය කර එවායෙන් කිහිපයත් හොටලයේ වැඩ සදහා රැගෙන ගිය අතර පුලස්ති මෝර්ටර්ස් ආයතනයෙන් රැගෙන ගිය යතුරුපැදි ප්‍රමාණය හතරකි.එසේ තවත් කිහිප ස්ථානයකින් ඒ ආකාරයට පවසා රැගෙන ගිය යතුරුපැදි අනුරාධපුර දහයියාගම හංදියේ අලෙවිසැලක් විවෘත කර අලෙවි කරන බව වාර්තාවෙි.
මෙම ජේෂ්ඨ පොලිස්පතිවරයාගේ පහත් ආශාවන් නිසා මෙිවන විට පොලිස් පවුල් කිහිපයක් කැඩි විසිරි ඇතිද යන්න ගණන් ඇතුව ඔහුගේ හෘදෂාක්ෂිය දන්නා අතර ආනමඩුවේ හා අනුරාධපුර ප්‍රදේශ වල එවැනි සිදුවිම දෙකක් උදාහරණය ලෙස දැක්විය හැකිය.
මේ අතර කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ oic පුෂ්ප කුමාර යටතේ වෙනම GCR පොතක් යොදාගෙන මූල්‍ය වංචා සහ චෙක්පත් වංචා පැමිණිලි භාරගෙන දෙපාර්ශවය සමථයකට පත්කර දෙපැත්තෙන්ම මුදල් රැගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා අපරාධ අංශයේ ස්ථානාධිපති අතර බෙදා ගන්නා සැලසුමක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයෙන් වාර්තාවේ.එය පසුගිය ජුලි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක බව සදහන්වේ.


මිට අමතරව කිත්සිරිට වඳුරාගල ප්‍රදේශයේ ඇති සුවිසල් නිවසය DIB බුද්ධි අංශය සඳහා බදු ලබාදී මාසික රුපියල් 75000 ක අධික මුදලක් ලබා ගන්නා බවත් ඊඨ පෙර එම එකකය පොතුහැර පොලිසියේ ගොඩනැගිල්ලක පිහිටුවා තිබිණි.
වසර කිහිපයකට පෙර තලාව ප්‍රදේශයේ සිදුවූ බැංකු මංකොල්ලයේ විමර්ශන කටයුතු වෙනත් අතකට යොමු කළේද මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා වන අතර SF ඝාතනය සඳහාද මොහුගේ සහයෝගය ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔහුට ඇති ප්‍රධාන චෝදනාව වන්නේ වෛද්‍ය සාෆිට එරෙහිව බොරු චෝදනා එල්ල කිරිමයි. එය ප්‍රදේශයේ ප්‍රාදේශිය මාධ්‍යවෙිදියෙකු මාර්ගයෙන් දිවයින පුවත් පතේ මාද්‍යවෙිදියෙකු ලවා පළමුව ප්‍රචාරය කළ බව එවකට ඒ සමිබන්ධයෙන් විමරශනය කර ඔවුන් අත්ඩංගුවට ගැනිමට සිටියදී දේශපාලන බලපෑම මත නතරවිය.

වත්මන් නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවේ කටයුතු කළ සමයේ වෛද්‍ය සාෆිගේ වදසැත්කම් සිද්ධිය රග දැක්විම ප්‍රධාන තිර රචකයාවු කිත්සිරි ජයලත්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට යාමෙිදි ඉහළින් ආ නියෝග නිසා එය යටපත්වු බව සෙනවිරත්න මහතා හා ශානි අබෙිසේකර හොදින් දන්නා අතර එම පරික්ෂණද මෙිවන විට යටපත් කර ගැනිමට තමන්ගේ බැජ්මේට් වැඩබලන පොලිස්පතිවරයා නිසා හැකි වු බව ඔහු උදම් අනන්නේ ඒ සමිබන්ධයෙන් ඇති විශ්වාශය නිසාවෙිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *