සජබේ නාමයෝජන හුටපටේ

මහමැතිවරණයට තරග කිරිම සදහා සමගි ජන බලවෙිගයෙන් නාමයෝජනා ලබා ගැනිමේදී ජනාධිපතිවරණයේ සහය ලබාදුන් පක්ෂ හා දිස්ත්‍රික් නායකත්වය සමිබන්ධයෙන් දැඩි මතභේදත්මක තත්වයක් උදාවී ඇති බව වාර්තාවෙි.
ඊට අමතරව මැතිවරණයට ඉදිරිපත් නොවි ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කර ගැනිමට ප්‍රභළයින් රැසක් උත්සහ කරන බවට වාර්තාවෙි.
දිස්ත්‍රික් නායකත්වය සදහා මහනුවර ,කුරූණැගල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්යේ මතභේදයක් ඇති තිබෙින බව සදහන් වෙි‍.මහනුවර දිස්ත්‍රික්කයේ එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට දිස්ත්‍රික් නායකත්වය ලබා දිමට සුජිව සේරසිංහ මහතා විරෝධය පළ කර තිබෙි.
මිට අමතරව කුරුණැගල දිස්ත්‍රික්කයේන් තරගවදින දයාසිරි ජයසේකර මහතාද නාම යෝජනා ගැටලුක් සම්බන්ධයෙන් කළ කිරිමට පත්ව ඇති අතර එම දිස්ත්‍රිකයට එජාපයේ ප්‍රභලයෙකු තරග වැදිමට සැරසෙන බව වාර්තාවෙි.
මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේද ඒආකාරයට දිස්ත්‍රික් නායකත්වය සදහා කිහිපදෙනෙකු උත්සහ කරන බව වාර්ථාවේ.
මේ අතර ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කරගැනිම සදහා සමගි ජනබල වෙිගයේ ප්‍රභළයින් මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළ වෙනත් පක්ෂවල නායකයින්ද එම උත්සහයෙම යෙදෙන බව වාර්තාවේ.
ඒ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බංඩාර,තිස්ස අත්තනායක,සුජිව සේරසිංහ, කබිර් හෂිම්, මෙන්ම ජීඑල් පිරිස් , නාලක ගොඩහේවා, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ආදිහු මෙසේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙින්තුවට පැමිනිමට උත්සහ කරන බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *