ත්‍රිකුණාමලය කොඨඨාශ භාර පොලිස් අධිකාරි සමන් සිගේරාගෙන් පොලිස් කාන්තාවන් බෙිරා දෙන්න

ත්‍රිකුණාමලය කොඨඨාශ භාර පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා පසුගිය ජනාධිපතිවරණයේදි මාලිමාවට සහය පළ කළ පහළ නිළධාරින්ට එරෙහිව දැඩි පිඩාවන් එල්ල කරමින් සිටින බව වාර්තාවෙි.
එහිදී සහකාර පොලිස් අධිකාරිවරුන්,පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට පහළ සියලුම තරා තිරමේ නිළධාරින්ට එරෙහිව කටයුතු කරමින් සිටින බව සදහන් වෙි.උප්පැත්තියෙන්ම යූ.එන්.පී කාරයෙකු වූවද සිගේරා බලය පවතින සියලුම පක්ෂ වලට රෙදි නැතුව කඩේ ගිය අයෙකි. ඔහුගේ මජර වැඩ සදහා එවැනි ආරක්ෂාවක් නොමැතිව බැරිය.
මෙවරද රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපකිරීම් කලේ සේවා දිගුවක් ලබා ගැනීමේ අරමුණෙනි. එය මැතිවරණ පැවති දින සිට ආරම්භ කරන ලද අතර ජන්ද ගණන් කිරිමේ රාජකාරි කළ නිළදාරින්ට එරෙහිව මෙම පළිගැනිමේ ක්‍රියාවන් ආරම්භ කර ඇත.
ඇතැමි නිළදාරින් රාජකාරියෙන් පසු ජයග්‍රණය ගැන කථා කිරිමේවරදට ස්ථාන මාරු කර ඇති බව වාර්ථාවෙි.


ජන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයක් ලෙස පැවැති විපුලානන්ද විද්‍යාලයේ කාමරයක් වෙන් කර ගෙන ඇති මෙම පොලිස් ලොක්කා ජංගම වායු සමිකරණ ප්‍රවර්ධන අංශයට දන්වා සකස් කර කාන්තා පොලිස් නිළදාරිණියන් ක්‍රිඩා ඇදුමෙන් ගෙන්වා ගෙන සිය ආශාවන් සංසිදුවා ගත් බව නොදන්නේ එහි ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති ධමිමික විරසේකර හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පමණි.
මෙම ප්‍රවර්ධණ අංශයේ ස්ථානාධිපති ධනන්ජය සිය තනතුර බෙිරා ගැනිමට ඕනෑම පහත් ක්‍රියාවක් කර අතර ඔහු දැනට එම තනතුරේ එකම ස්ථානයේ වසර 14ක් සේවය කිරිම පොලිස් පරිපාලන අංශයේ සිටි හා දැන් සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති වරුන් නොදන්වා විම කනගාටුවට කරුණකි.
මෙම සමන් සිගේරාගේ පහත් ලිංගික ආශාවන්ට ඉඩ නොදුන් නිලධාරිනියන් මේ වන විට මාරු කර යවා ඇති ඇති අතර එම නිළදාරිනියන්ගේ නම් සදහන් නොකරන්නේ එම නිලධාරිනියන්ට සිදුවන අපහසුතාවය නිසාවෙිනි.මෙම නිළධාරියාට අවශ්‍ය ලිංගික ආශාවන් සදහා කාන්තාවන් සපයන්නේ කොඨඨාශ රථවාහන අංශයේ ඉන්දික නැමැති නිළදාරියා වන අතර එසේ සපයන කාන්තාවන් පිටතට රැගෙන යාමට නිලරථ භාවිතා කරයි.
මෙම සමන් සිගේරා උප පොලිස් පරික්ෂක කාලයේ සිට නිති විරෝධි කටයතුවල නියලුණු අයෙක් වන අතර ඔහුගේ නීතිවිරෝදී ලෙස ඉපයූ මුදල් වියදම් කර උසස් නිළධාරීන් ලවා සියලු කටයුතු කරගනී.චෝදනා පත්‍ර නමයක් තිබියදී යාපනේ පොලිස් ස්ථාධිපති ලෙස සිටියදී එවකට උතුර භාර ජෙ.නි.පො.ප වරයා ලවා ඒ සියලු චෝදනා වලින් නිදහස් වී සහකාර පොලිස් අධිකාරී වරයෙකු වූයේ පොලීසියේ නීතිගරුක නිළධාරීන් මවිත කරමිනි.
එසේ ස.පො.අධිකාරි වරයෙකු වූ ඔහු යහපාලන සමයේදී දේශපාලන පලිගැනීම් වලට ලක්වූවා යැයි කියමින් පොලිස් අධිකාරී ධූරයට පත්වූයේ සියල්ලන් මවිත කරමිනි.එවකට පොලිස්පති වූ අන්ත දූශිත සී.ඩී වික්‍රමරත්නගේ රියදුරාගේ සිට කාර්යාලයේ සියලුම නිළධාරීන්ට මාසිකව සියලු දේවල් සපයා වික්‍රමරත්න ගේ පවුලේ සියලුම වියහියදම් දැරූ සිගේරා කුලියාපිටිය කොධ්ධාශ භාර නිළධාරි තනතුරට පත්වූයේ ඔහු පිළිබදව රටම කතා කරන අවදියකය.එනම් හංවැල්ල පොලිස් ස්ථානයේදී කාන්තා නිළධාරිනියකගේ පහර කෑමට ලක්වූ ඔහුව විරුද්දව පරික්ෂණක් පැවැත්වෙන අතරතුරදීය.පොලීසියේ ගොලුවා ලෙස ප්‍රචලිත පොලිස්පති වික්‍රමරත්න ඒ වනවිට විශේෂ විමර්ෂන ඒකකය මගින් පැවත්වමින් තිබූ විමර්ෂන ඔහුගේ බලය යොදා අවසන් කරමිනි.
ටික කලකදී විවිධ දූශිත ක්‍රියා නිසා ඔහු කුලියාපිටිය කොධ්ධාශ භාර තනතුරින් ඉවත් කර පොලිස් මූලස්ථානයට යැවීමට නියෝග නිකුත් කලද මීගමුවේ සිටි ප්‍රබළ කාන්තා ඇමතිවරියක විසින් ඇයගේ බලය යොදා ඔහු මීගමුව කොධ්ධාශ භාර තනතුරට පත් කලේ පොලිස්පති විසින් හොර රහසේ සිගේරා සමග එක්ව සිදුකරන ලද රහසිගත මෙහෙයුමක් අනුවය. එහි ප්‍රතිඵල අද මීගමුවෙ ඕනෑම පොලිස් නිළධාරියකුගෙන් විමසීම කලහොත් දැනගත් හැකිය.ඔහුව විරුද්දව පොලිස් මූලස්තානයට ලද පැමිනිලි වලට වූයේ කුමක්දැයි දන්නේ වික්‍රමරත්න ඇතුලු හොර නඩය පමනි.
වාහන මංකොල්ලකෑම් වලට සම්බධවී පොලිස් කූඩුවේ සිටියේ ස්ථාධිපති වරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියදීය.සිය මාමන්ඩිය වන ප්‍රකට ජාවාරම් කරුවකු වන කාර් සේල් හිමියා නිති විරෝධි ලෙස සිය බලය උපයෝගි කර ගෙන පවත්වා ගෙන ගිය බියගම ප්‍රදේශයේ වාහන සේල් එකක්ද තිබු අතර එකල ඒ සදහා අවරණය ලබා ගත්තේ ඒවනවිට පොලිස් භාර ඇමති ජෝන්අමරතුංග මහතාගේ පිහිටෙනි.
පොලිස් නිළධාරීන් අවංක සාධාරණ නිළධාරීන් විය යුතු නොවන බව පොලීසියට ඒත්තු ගැන්වූ සිගේරා ඔහු යටතේ සිටින නිළධාරීන් තලා පෙලා දමන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.එසේ සැමට දාන පාට් දමන්නට ගොස් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී වෙඩිනොකා බේරුනේ කාගෙ පිනටදැයි සැවොම දනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *