VOICE OF SRILANKA හෙළිකළ තෙල් සංස්ථාවෙි නීති විරෝධි අවි ගබඩාව STF සොයා ගනියි

කොළොන්නාව තෙල් ගබඩා සංකිර්ණයේ ඇතුළත නීතී විරෝධිව පවත්වා ගෙන අවිගබඩාවක් පිළිබදව අප මිට පෙර හෙළි කිරිමත් සමග මහජන ආරක්ෂක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ නියෝගය මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය විසින් පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය යොදවා ඊයේ (7)සවස එහි පරික්ෂා කර තිබෙි.
එහිදී අවිගබඩාව පවත්වා ගෙන ගිය බව සැලකෙන කමර දෙකක් තිබි ඇති අතර ඉන් එකක පමණක් හිස් ටී 56 උණ්ඩ ඇතුලු හිස් කොපු තොගයක් තිලි හමුවී ඇත.
මෙම සිද්ධිය හෙළි කිරිමත් සමග වත්මන් සංස්තා සභාපති ඩී ඒ රාජකරුණා මහතා කොලොන්නාව තෙල් ගබඩා සංකිර්ණයේ ආරක්ෂක කළමණාකරු කැදවා විමසා ඇත.
පසුව අප හෙළිකළ කරුණු සත්‍යයෙන් තොර බව පැවසිමෙන් පසු සභාපතිවරයා ආක්ෂක අංශවලට පවසා ඇත්තේ එම තොරතුරු ව්‍යාජ බවයි.
එවැනි තත්වයක් තිබියදී පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය ගොස් පරික්සා කර එය සොයා ගෙන ඇති අතර එය බරපතල තත්වයක් වන්නේ මෙවැනි ස්ථානයක අවි ගබඩාවක් පවත්වා ගෙන ගියේ කාගේ උවමනාව මතද,කුමන හේතුවක් මතද යන්න හා මෙහි තිබු සජිවි උණ්ඩ සහ ගිනි අවි වලට වුයේ කුමක්ද යන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව යොදවා හරි පරික්ෂණයක් කළ යුතුය.

වසර කිහිපයක සිට පවත්වා ගෙන යනු ලබන මෙම රහසිගත අවි ගබඩාව එහි උසස් නිලධාරින්ට දැන ගන්න ලැබිමත් සමග රහසිගතව ඒ පිිළිබදව පරික්ෂණයක් පැවැත්විමට අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර පරික්ෂා කර ඇත.ඒ අනුව අදාළ කොළොන්නාව තෙල් සංස්ථාවේ දෙවන කළාපයේ ඇති බවට සොයා ගෙන තිබේ.එහිදී පරික්ෂණ කණ්ඩායමට සොයා ගැනිමට හැකිවී ඇත්තේ සංස්ථාවේ ආරක්ෂාවට ලබාදී ඇති ගිනි අවි හා එහි පතුරම් ගබඩා කර ඇති ස්ථානයට කිසිදු සම්බන්ධයක් නොමැතිව මෙම ගබඩාව පවත්වා ගෙන ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මෙහි දි ගිනි අවි කිසිවක් සොයා ගත නොහැකි අතර සජීවී පතුරම් තොගයක් ඇති බව වාර්තාවේ.අදාළ ගිනි අවි ඊට පෙර ඉවත් කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.ඒ අනුව එම දෙවැනි කළාපයේ රහසිගතව පවත්වා ගෙන ගොස් ඇති අවි ගබඩාව සමිබන්ධයෙන් කිසිවෙකු ළග ලිඛිත තොරතුරු නොමැති බව සදහන් වේ.එහි තිබු සොයාගත් පතුරම් අතර ටී56 ගිනිඅවි සදහා යොදන උණ්ඩ 25218ක්,එස් ජී වර්ගයේ උණ්ඩ 2658ක්, එස් එල් ආර් අවි සදහා යොදන උණ්ඩ 1040ක තිබි සොයා ගෙන ඇත.
ඊට අමතරව රිවෝල්වර සදහා පාවිච්චි කරනු ලබන 0.38 වර්ගයේ උණ්ඩ 277ක්ද, පිස්තෝල සහ කුඩා ගිණිඅවි ( මිනිවුෂී, SSMG. MP-5 ) සදහා යොදන මිමි 9 උණ්ඩ 474 සහ වෙනත් ගිනි අවි සදහා යොදන උණ්ඩ 767ක් වශයෙන් තිබි සොයා ගෙන තිබේ.
මෙම ටී56 උණ්ඩ බහා තිබි ඇත්තේ ගෝනි යක උණ්ඩ 9321කද, විවෘත නොකළ පෙට්ට් හතරක උණ්ඩ 6000ක් ද,ඇලුම්ණියම් පෙටිටි එකොළහක උණ්ඩ 750 බැගින් උණ්ඩ 8250ක්ද, විවෘත කළ පෙටිටියක උණ්ඩ 375, වීවෘත කළ පෙටිටියක උණ්ඩ 1275 ක් වශයෙන් තිබි ඇත.ඊට අමතරව හිස් කොපු බහලු ගෝනි දෙකක 24221ක් ඇති බව සදහන් වේ.
කෙසේ වෙතත් මේවා සමිබන්දයෙන් කිසිදු නිතිමය පියවරක් ගෙන නොමැති අතර එවැනි නිතී විරෝධි අවි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුව ඇතත් සංස්තාවේ ඉහළ නිළධාරින් එය රහසිගතව තබා ගෙන තිබේ.
මෙම පතුරම් පසුගිය යුධ සමයේ අත් අඩංගුවට ගන්නා ලද මෙම අවි සහ උණ්ඩ පාලකයන්ගේ අවශ්‍ය තාවයන් මත ප්‍රයෝජනයට ගැනීම සදහා ඉතාමත් රහසිගතව සගවා තැබූ බවට සැක පහල වී ඇත. පසුගිය කාලය පුරාවටම සංස්තාවේ ඉහළ කළමණාකාරිත්වයට හමුදා නිළධාරියෙක් පත් කිරිමත් සංස්තාවේ ආරක්ෂාව රක්න ලංකා ආයතනය බාරව තිබීමත්. නාවික හමුදාව සිදුකල මෙහෙයුම් රක්න ලංකා ආයතය ඒකබද්ධව ඇවන්ගාඩ් ආයතනය හරහා සිදුකරන බවට කැබිනට් මන්ඩලය දැනුවත් කර නාවික හමුදාවෙන් මුහුදු ආරක්ෂණ කටයුතු පවරා ගත්බව නිසා මෙම සැකය තවත් ස්තිර වී ඇත.කෙසේ වෙතත් මෙහි තිබු ගිනි අවි පාතාලය අතට පත් නොවු බවට සහතිකයක් දිමට හැක්කේ කාටද? එසේම රටේ සිදුවූ ඝාතන වලදී මෙහි තිබූ උන්ඩ පාවිච්චි කරාද නොකරාද යන්න් දන්නේ කවුද?
මේ වනවිට තෙල් සංස්තාවේ වෘත්තිය සමිති නායකයෙකු ලෙස කටයුතු කළ ඩී ඒ රාජකාරුණා මහතා සංස්තාවෙි සභාපතිවරයා ලෙස පත්ව ඇති මොහොතක මෙම නිතිවිරෝධි අවි ගභඩාව සමිබන්ධයෙන් තොරතුරු නොදන්නා විම ලැජ්ජා සහගතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *