මහා මාර්ග හිටපු ලේකම්ගෙන් අනියම් පෙම්වතිය සතුටු කිරීම විදේශ සංචාරයක්

අනියම් පෙම්වතිය සතුටු කිරීම සදහා මහා මාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් විසින් ආණ්ඩු මාරුවිමට ප්‍රථම  මහජන මුදල් වැය කර විදේශ සංචාරයක් ලබාදී ඇති බව වාර්ථාවෙි.

Implementation of the PM Gati Shakthi Platform in Sri Lanka වැඩසටහන සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ලෝක බැංකු අධාර යටතේ ක්‍රියාත්මක වන Greater Kandy Multi-Modal Transport Hub ව්‍යාපෘතිය මඟින් ඉන්දියාවේ 2024.09.09 දින සිට 2024.09.14 දක්වා වූ දින 5 ක පුහුණු වැඩසටහන සදහා අවස්ථාව සලසා දී තිබේ.

මෙවැනි පුහුණු වැඩසටහන් සදහා නිලධාරීන් තෝරා ගැනීමේදී අදාල ආයතනයේ සුදුසුකම් සහිත ස්ථිර සේවකයන්හට අවස්ථාව ලබාදීම පිලිගත් ක්‍රම වේදය වේ. නමුත් මෙම ක්‍රම වේදයෙන් බැහැරව ආසියානු බැංකු අධාර යටතේ ක්‍රියාත්මක වන i – Road ව්‍යාපෘතියෙහි කොන්ත්‍රාත් පදනම යටතේ තොරතුරු තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කරනු ලබන උමන්දා විජේසුන්දර නැමති තැනැත්තියට අදාල පුහුණුව සඳහා සහභාගී වීමේ අවස්ථාව අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින්  සලසා දී ඇත.

මෙලෙස මෙම තැනැත්තිය තෝරා ගැනීම මහා මාර්ග අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම්, රංජිත් ගංගානාත් රූබසිංහගේ පුද්ගලික අවශ්‍යතාවය මත සිදුවී ඇති අතර ඔහු සහ ඇය අතර පවතින අනියම් ප්‍රේම සම්බන්ධතාවය මෙයට මුලිකවම බලපා ඇත.

මෙලෙස මහජන මුදල් අයථා ලෙස භාවිතා කිරීම සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් විසින් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *