ක්‍රිකට්  විගණනට නිතර එහි එන නිළධාරියෙක් නිසා සැකසංකා

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ දිනවල විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනයක් සිදු කරමින් පවතී.

මෙහි විශේෂත්වයක් වනුයේ ඒ සඳහා පැමිණ ඇත්තේ ක්‍රිකට් බලධාරීන් සමග හිතවත් හා නිතර ක්‍රිකට් ආයතනයට යන එන නිලධාරියෙක් වීමයි.

මෙම නිලධාරියා මීට පෙර පැවති වෝහාරික විගණනයටද පැමිණි අයෙකි.

ඕනෑම අයකු මුදලට ගත හැකි වත්මන්  ක්‍රිකට් බලධාරීන් හමුවේ විගණන දෙපාර්තමේන්තුවද මුදලට ගැනීම කජ්ජක් නොවන බව එහි සේවකයෝම පවසති.

පසුගිය ජනපතිවරණයට පෙර සාගල රත්නායක හා හරින් ප්‍රනාන්දුට විටින් විට වක්‍රාකාරයෙන් රුපියල් කෝටි ගණනක් ජනපතිවරණයේ ප්‍රචාරක වැඩ සඳහා ක්‍රිකට් ආයතනය මගින් ලබා දී තිබුණු බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ස්පෝට්ස් යූත් නම් ක්‍රීඩා වැඩ සටහන් ඇතුළත් සංගීත සංදර්ශන මාලාවට රුපියල් මිලියන 35 ක් ලබා දී තිබුණු බවද වාර්තා විය.

අලුත්ම සිද්ධිය වන්නේ විගණන නිලධාරීන්ගේ පැමිණීමත් සමග හදිසියේ අසනීප වූ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද නවලෝක රෝහලට ඇතුළත් වීමයි.

මාලිමා පාලනයක් යටතේද ක්‍රිකට් ආයතනයේ දූෂණ මූල්‍ය අක්‍රමිකතා තව දුරටත් සිදු වේ දැයි ක්‍රිකට්ලෝලීහු විමසිල්ලෙන් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *