තෝරාගත් පිරිසකට පමණක් තවදුරටත් ආරක්ෂාව . ඒ අතර ටිරානුත්

නව රජය බලයට පත්වු පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් අනතුරුව හිටපු මැති ඇමතිවරුන්ගේ හා මෙතෙක් කල් දේශපාලන හිතවත්කම් මත ලබා දි තිබු ආරක්ෂාව ඉවත් කළ අතර එහෙත් තවත් කිහිපදෙනකුගේ ආරක්ෂාව ඉවත් කර නොමැති බව වාර්තාවෙි.

ඉන් කිහිප දෙනෙකුට තර්ජන පැවැතියද ඇතමුන්ට සිමාව ඉක්මවා ආරක්ෂාව ලබා දි තිබිම විශේෂත්වයකි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇමති ආරක්ෂකයින් හය දෙනෙක්ද, ඒහා සමානව කරුණා අම්මාන්ටද, හිටපු කථානායක කරු ජයසුරිය මහතාට හත්දෙනෙක්ද,ෆිල් මාශල් සරත් ෆොන්සේකා මහතාට දාහත්දෙනෙක්ද,ඩග්ලද් දේවානන්ද මහතා, එම් ඒ සුමන්තිරන්  හා තවත් උතුරේ දේශපාලඥයන් කිහිප දෙදෙනෙකුටද ඒ ආකාරයට ඇමති ආරක්ෂාව ලබා දි ඇති බව වාර්තාවෙි.

මිට අමතරව හිටපු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කර තිබියදි හිටපු නිතිය හා සාමය භාර ඇමති ටිරන් අලස් මහතාට පමණක් පොලිස් පරික්ෂකවරයෙකු ඇතුලු අට දෙනෙකුගෙන් යත් පොලිස්  විශේෂ කාර්ය්‍ය බලකා ආරක්ෂාව තවුරටත් ලබාදිම සම්බන්ධයෙන් වැඩි දෙනෙකුගේ අවදානය යොමුව ඇත.

මිට අමතරව වතු කරය නියෝජනය කරන ජිවන් තොණ්ඩමන්, පලනි දිගම්බරම් ආදි වතුකරයෙ නියෝජන කරන හිටපු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවද තවදුරටත් පවතින බව වාර්ථාවේ.

කථානායක, නියෝජ්‍ය කථානායකට පමණක් තව දුරටත් ආරක්ෂාව ලබාදිමට රජය තිරණය කර තිබියදි මෙිතරම් විශාල ආරක්ෂකයින් පිරිසක් තෝරාගත් මෙම පිරිසට ලබාදිම සමිබන්ධයෙන් ජනතාව ප්‍රශ්ණ කරයි.

1989 වන විට රටපුරා ඇතිවි තිබු ආරක්ෂක තත්වය යටතේ වුවද ඇමති ආරක්ෂඛ අංශයේ සිට ඇත්තේ 320ක් වන අතර අදවන විට එහි 2067ක් සේවය කරන බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *