නුවරඑළියේ පිනට කන පොලිස් ලොක්කාගේ ආරක්ෂකයා DIG මහින්ද

නුවරඑළිය නගරයේ හෝටලයකට පැන යකා නැටූ නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර යැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝජ්‍ය පොලිස්පතිට මාසිකව ජරාව එකතු කරන අයෙකු බව මධ්‍යම පලාතේ පොලිස් පොඩ්ඩෝ පවසති.
මෙම පොලිස් පරීක්ෂකවරයා මහනුවරට එවා ඇති අතර ඔහු මීට කලින්ද මහනුවර සිටින වකවානුවේ විවිධ අයථා ක්‍රි ක්‍රියාවන්ට සම්බන්ධ වූවෙකු බව මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරින් සදහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායකගේ ගජයෙකු වන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා ඔහු ආරක්ෂා කරන බව බව පොලිස් පොඩ්ඩන් පවසයි.හොරාගේ අම්මගෙන් පේන අහන්නාසේ නුවරඑළියේ කප්පම් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේද මහින්ද දිසානායක නියෝජ්‍ය පොලිස්පති වරයාවිම හාස්‍යට කරුණකි.
නුවරඑළියේ ආපන ශාලාවලින් පිනට කමින් චණ්ඩිපාට් දමමින් පොලිස් නිල ඇඳුමේ ගෞරවය කෙළෙසමින් අනෙකුත් නීතී ගරුක පොලිස් නිලධාරින්ට අවමන් වන අන්දමින් ,නිළ ඇඳුමෙන් කප්පම් ගන්නා මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා පොලිසීයේ කිසිදු අංශයකට පත් නොකරන්නැයි නීතී ගරුක පොලිස් පොඩ්ඩෝ වැඩ බලන පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටිති.
අබ්දුල් ගෆූර් මොහොමඩ් යන නුවරඑළියේ හෝටල් ව්‍යාපාරිකයා තමන්ට පොලිස් නිලධාරියා වෙතින් එල්ලවු තර්ජන සහ බලපෑම් මින් ඉදිරියට සිදු නොවන පරිදි සැමට නීතීය එක හා සමාන ලෙස ඉටුතර සෙන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගන්ද ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *