මේ රස්පුටින්  සුත්තර පුන්චාගෙන් විදේශ අමාත්‍යංශය බේරගන්න

විදේශ කටයුතු අමාත්‍යංශයේ  සන්ධාන අංශයේ නියෝජ්‍ය සන්ධාන නිලධාරී මධුක වික්‍රමආරච්චි නැමැත්තාගේ නොහොබිනා කටයුතු හේතුවෙන් සමස්ත විදේශ කටයුතු අමාත්‍යංශයම  දැඩි අප්‍රසාදයට පත්ව තිබේ.

සූත්තර පුංචා නමැති අනවරත නාමයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය තුල හඳුන්වන මොහු ශ්‍රීලංකාව වෙත එන වෙනත් රටවල තානාපති නිලධාරීන් ගේ සේවා කටයුතු සිදු කරන්නට විස්කි බෝතල් හා වටිනා  ත්‍යාග බලහත්කාරයෙන් ලබා ගන්නා බව සඳහන්ය.

ශ්‍රීලංකාවේ පිහිටි විදේශීය රටවල  තානාපති කාර්යාල වලට වීසා හා අනෙකුත් සේවා සපයන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන අංශය මගිනි. මේ නිසා එම කටයුතු කරගන්නට මොහුට පගාව දීම මේ වන විට අත්‍යවශ්‍ය කාරණයකි.එසේම එම තානාපති කාර්යාල වල උත්සව සඳහා මොහු බලෙන් INVITATION ගෙන්වා ගෙන ඒවාට සහභාගිවී බීමත්ව අශෝභන ලෙස හැසිරෙන අතර බීමත්වූ පසු මොහුගේ හැසිරීම ජුගුප්සාජනකය.

දැඩි ස්ත්‍රී සොඩෙකු වන මොහු නිසා පවුල් ජීවිත නැති කරගත් කාන්තාවන් රැසක් විදේශ කටයුතු අමාත්‍යංශයේ  මෙන්ම සන්ධාන  අංශයේත් සිටිති.ඒ බොහෝ දෙනෙකු රාජකාරීමය වශයෙන් විවිධ බලපෑම් හා අල්ලස් ලබාදී දැලේ දාගත් අහිංසක තරුණියන්ය.මේ දිනවල  ගීතයෙන් මත්ව මධු පානයට ඔහු ප්‍රසිද්ධ අතර මධුකට සෑම කටයුත්තකදීම ආධාර කරන්නේ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධනගේ සමීපතමයා වන කීගල් විසිනි.

 මීට පෙර  යුරෝපයේ මෙන්ම නිව්යෝර්ක් , සවුදි අරාබිය ආදී රටවල් රැසක සේවය කරද්දීත් ශ්‍රීලාංකිකයන්ගේ නිවෙස් වලට ගොස් බීමත්ව අශෝබන ලෙස හැසිරී කාන්තාවන්ගෙන් පවා ගුටි කා ඇති මධුක විදේශ සේවයටම නින්දා සහගත චරිතයකි.

මධුකගේ බිරිඳ හා දරුවන් විදෙස් රටක අතහැර දමා පැමිණ ඇති අතර මොහු ඔවුන්ට කිසිදු සැලකීමක් හෝ නොකරන බව සඳහන්ය. මෑතකදී සන්ධාන අංශයට ලැබුණු චීන ශිෂ්‍යත්ව තමන්ගේ හොර අඹුවන් පිරිසක් පිරිවරාගත්  මධුසමයක් කරගන්නට මොහු උත්සහ දැරූ අතර ඊට අනෙකුත් සේවකයන් විරෝධය පල කිරීම නිසා අවසානයේ ශිෂ්‍යත්ව සියල්ල නොලැබීයාම නිසා මධුක මේ දින වල සිටින්නේ වෙඩි කෑ ඌරෙකු මෙන් ආවේගශීලීවය. නව රජයක් හා නව විදේශ කටයුතු ඇමතිවරයෙකුත් , කාන්තා අගමැතිවරියකුත් පත්ව ඇති මොහොතේ මේ සුත්තර පුන්චාගෙන් රටේ නමත්  විදේශ කටයුතු අමාත්‍යංශයත් , එහි සේවිකාවනුත් බේරා ගන්නා ලෙස සේවක සේවිකාවෝ ඉල්ලා සිටිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *