පොලිස් නලුවෙක් කොලඹට එන්න මුදල් වියදම් කර ටික්ටොක් හදන්න දිලා

මේ දිනවල පොලිසියට වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරලනේ . නිතිය හා සාමය අමාත්‍යංශයටත් ඉන්නේ අලුත් ලේකම් කෙනෙක්.දෙන්නා ගැනම පොලිසියේ පොඩ්ඩෝ , ලොක්කෝ බොහොමයක් පැහැදිමෙන් ඉන්නේ .ඔය කිහිප දෙනෙක් ඉන්වානේ කොහොමටත් විරුද්ධ අය.

අපි මේ කියන්න යන්නේ අලුත් ආගමනයත් එක්ක පරිපාලන වෙනසක් වෙනවනේ . ඉතින් අලුත් ඇපොයිමන්ට් ගන්න හිටපු ඇමති ටිරාන්ගේ හා දේශබන්දුගේ ගොට්ටන් අලුත් ලේකම්තුමාගේයි, වැඩබලන පොලිස්පතිතුමයිගේ හිතවතුන් හරහා මුට්ටිය දාන්න පටන් අරගෙන.

මේකට හේතුව මේ ආණ්ඩුවෙන් හිටපු ඇමති ටිරාන්ට කිසිදු ගැටලුවක් නොවන බවට පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු කුඩා නිළධාරින් අතර මුල්බැසගෙන ඇති මතය නිසාවෙනි. එම අදහස එහෙම නොවන්නම් එවැනි පත් කිරිම් ආදිය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්විම රටකරවන එම කාරකාදින්ගේ වගකිමයි.ඒකියන්නේ ජනධිපතිවරයා නිතරම කියන ජනතාවදුන් වරම කිසිම පලුද්දක්විමට ඉඩනොදෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විමයි.

මේ අතර තමන් තමයි පොලිසියේ ජනප්‍රිය පොර බව හගවමින් තමන් කොළඹ ලොක්කා කරන ලෙස ඉල්ලමින් සමාජ  මාධ්‍ය හරහා බලපැමක් කිරිමට ටික්ටොක් හැදිමට එක්තරා ඔටුණු කාරයෙක් තරුණයෙකුම කොන්ත්‍රාතුවක් දිලා. කොල්ලට එකට රුපියල් පනස් දහසකුත් දුන්නලු . ඉහළම පුටුව බලා ගෙන හිටිය ඔහුට තව ඇත්තේ කෙටි කාලයක් විශ්‍රාම යන්න. රටේ ලෝකේ අය දන්නැති වුනාට එයත් අර දේශබන්දුවගේ තනි තරුව කාලයේ විරකැටිය පොලිසියේ ඉන්නකොට තරුණියකට කෲරවදහිංසා පැමිනිවිමේ චෝදනාවට ඒ කාලයේ රුපියල් පනස්දහසක් ගෙවා සියල්ල රාජපක්ෂ පිහිටෙන් යටගහ ගත්ත බව ඔහු හොදටම දන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *