පරණ සෙල්ලම්දාන මැණ්ක් හා ස්වර්ණාභරණ අධිකාරියේ අප්පච්ච් මලෝගේ මස්සිනා කෝටි ගණනක හොර  මැනික් අයිතිකරුවන්ටම දෙයි.

අලුත් සභාපති එන්න පෙර අත්ඩංගුවට ගත් කෝටි ගණනක මැණික් තොගයක් ව්‍යාපාරකයාටම නිදහස් කිරිමට සභාපති සැරසෙ බව අප වාර්ථාකළේ මිට සතියයකට පෙර වන අතර කෙසේ හෝ එම තොගයරුපියල් දසදහසක මුදලකට නිදහස් කර ඇති බව වාර්ථාවෙි.

වටිනාකම සදහන් නොකර විදේශිය රටකට රැගෙනයාමට උත්සහ කළ ගාල්ලේ එම් නිසාන් නැමති ව්‍යාපාරිකයාගේ  කොටි ගණනක් වටිනා මැණික් තොගයක් රේගුව මගින් සිය භාරයට ගෙන ස්වාර්ණාභරණ හා මැණික් අධිකාරියට භාරදුන් පසු එම තොගය එහි සභාපති විරාජ් ද සිල්වා සිය බලය පාවිච්චි කර එම තොගය අයිතිකරුට ලබා දිමට සැලසුම් කර ඇති බව අප වාර්තා කළේය.

ඒ අනුව අධිකාරියට භාර දුන් පසු  නඩු කටයුතු වලින් එය නිරාකරණය විය යුතු හෝ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තිරණයකින් පසුව ගතයුතු තිරණයක් වුවත් සභාපතිවරයා සිය අවසන් දින කිහිපයදී මෙම මැණික් තොගය නිදහස් කිරිමට සැලසුම් කර ඇත්තේ අතයට ගණුදෙණුවකට බව සංස්ථා ආරංච් මාර්ග සදහන් කලේය.

අප හෙළිකළ ආකාරයට රුපියල් දසදහසක දඩයක් අයකර රුපියල් මිලියන දෙසිය පනස් නවයක් (259 403 970.92)වටිනා මැනික් තොගය රාජසන්තක නොකර අයිතිකරුට ලබා දි ඇත්තේ අතයට ගණු දෙනුවකට බව වාර්තාවෙි.

මේ සදහා මුලිකව මැදිහත්වී ඇත්තේ එහි අපනයන සේවා අධ්‍යක්ෂ කමල් තෙන්නකොන් නැමති අය වන අතර අප්පච්ච් මලෝ නොහොත් විජිත් විජයමුණි සොයිසාගේ ඥතියෙකු නිසා එම පිහිටෙන් එහි අධිකාරියේ පුටුවට පැමිණි විරාජ් සිල්වාගේ උවමනාවට රටට අයවිමට තිබු කෝටි ගණනක ආදායම ඔහුවිසින් අහිමි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *