මහින්දානන්දගෙන් සුර්වී අපි දෙන්නේ මේපාර මාලිමාවට කියා ගිය ආධාරකරුවන්

ගෑස් ටැංකිය  ලකුණෙන්  ඉදිරි  පාර්ලිමෙින්තු මැතිවරණය සඳහා  ඉදිරිපත් වී සිටින මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ    තෙල්දෙණියට පැමිණ   පුද්ගලන් 17  දෙනෙකු  සහ ලෙහොන් රත්වත්තගේ තෙල්දෙණිය ආසන සම්බන්ංධීකාරක  පොද්දල්ගොඩ  නැමැත්තාගේ මාර්ගයෙන් තෙල්දෙණිය තානායමට    එම පිරිස කැඳවා විස්කි බෝතල් දෙක තුනක් බොන්නට දී ප්‍රයිඩ් රයිස් කෑමට දී   ජන්දයට සහාය දෙන්නැයි ඉල්ලා සිටියේය.

ජන්දෙ කාලෙට  තෙල්දෙණියට පැමිණ  තමන්ට සහාය දෙන්නැයි මහින්දානන්ද  තානායමට කැඳවා සිටි  පිරිස් හිටපු මන්ත්‍රිවරයාගෙන්  ඉල්ලීමක්ද කළේය.

ඒඅනුව ජන්දෙ කාලෙට පමණක් තමන්ව මතක් වූ මහින්දානන්දට කණේ ඇඟිළි ගසා ගන්නට එහි සිටි අයෙක් අමතා ඇත්තේ ජන්දෙ කාලේ ඇවිත් කයිවාරු ගසා යන  දේශපාලනඥයන්ට තමන් සහාය නොදෙන බව පවසමිනි.

තමන් කොට්ඨාශයේ සංවිධායකයන්ට මුදල් ලබාදී ඇති බව මහින්දානන්ද පිරිස හමුවේ කියද්දී ඔයාගේ සල්ලි අපිට වැඩක් නැහැ අපි මේ පාර වෙන පක්ෂයකට සහාය දෙනවා යැයි එහි සිටි අයෙක් පැවසුවේ මහින්දානන්ද පුදුම කරවමිනි.

මහන්දානන්දගේ රැස්වීමට පැමිණි 17 දෙනා හොඳට විස්කිබී  බත් කෑමෙන් පසු  අපි ජන්දේ දෙන්නේ මාළිමාවට කියා තෙල්දෙණිය තානායමෙන් සුර්වී පිටව ගියේ  අපි ජන්දේ දුන්නේ අනුර සහෝදරයාට කියමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *