නව මහජන ආරක්ෂක ඇමතිවරයාගේ හෝ ලේකම්වරයාගේ දෑස් තෙල් සංස්ථාවෙි නීති විරෝධි අවි ගබඩාව දෙසට දෑස් විවර කරන්න

නව රජයක් පත්ව ඇති අවස්ථාවක රටතුළ තවදුරටත් පාතාල ක්‍රියාකාරකම් සිදුවන තත්වයක් මත නිතිවිරෝධි ගිනි අවි සංසරණය වන අතර එසේ නීතී විරෝධිව පවත්වා ගෙන අවිගබඩාවක් පිළිබදව අප මිට පෙර හෙලි කළ අතර ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා නව නිතිය හා සාමය අමාත්‍යවරයා හා එම අමාත්‍යංශයේ ලේකම්වරයා මැදිහත්ව අදාළ ගබඩාව සමිබන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරන ලෙස අප ඉල්ලා සිටිමු.
ඒ අනුව කොළොන්නාව තෙල් සංස්ථාව පරිශ්‍රයේ නීති විරෝධිව පවත්වා ගෙන යනු ලබන අවි ගබඩාවක් ඇති අතර මහමැතිවරණ සමයේ එහි ඇති නිති විරෝධි අවිආයුධ යොදගෙන යමිකිසි මැතිවරණය කඩා කප්පල් කිරිමේ සැලසුමකට සුදානම් නොවන බවට කිසිවෙකුටවත් සහතික විය නොහැකිය.
වසර කිහිපයක සිට පවත්වා ගෙන යනු ලබන මෙම රහසිගත අවි ගබඩාව එහි උසස් නිලධාරින්ට දැන ගන්න ලැබිමත් සමග රහසිගතව ඒ පිිළිබදව පරික්ෂණයක් පැවැත්විමට අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර පරික්ෂා කර ඇත.ඒ අනුව අදාළ කොළොන්නාව තෙල් සංස්ථාවේ දෙවන කළාපයේ ඇති බවට සොයා ගෙන තිබේ.එහිදී පරික්ෂණ කණ්ඩායමට සොයා ගැනිමට හැකිවී ඇත්තේ සංස්ථාවේ ආරක්ෂාවට ලබාදී ඇති ගිනි අවි හා එහි පතුරම් ගබඩා කර ඇති ස්ථානයට කිසිදු සම්බන්ධයක් නොමැතිව මෙම ගබඩාව පවත්වා ගෙන ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මෙහි ගිනි අවි කිසිවක් සොයා ගත නොහැකි අතර සජීවී පතුරම් තොගයක් ඇති බව වාර්තාවේ.අදාළ ගිනි අවි ඊට පෙර ඉවත් කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.ඒ අනුව එම දෙවැනි කළාපයේ රහසිගතව පවත්වා ගෙන ගොස් ඇති අවි ගබඩාව සමිබන්ධයෙන් කිසිවෙකු ළග ලිඛිත තොරතුරු නොමැති බව සදහන් වේ.එහි තිබු සොයාගත් පතුරම් අතර ටී56 ගිනිඅවි සදහා යොදන උණ්ඩ 25218ක්,එස් ජී වර්ගයේ උණ්ඩ 2658ක්, එස් එල් ආර් අවි සදහා යොදන උණ්ඩ 1040ක තිබි සොයා ගෙන ඇත.
ඊට අමතරව රිවෝල්වර සදහා පාවිච්චි කරනු ලබන 0.38 වර්ගයේ උණ්ඩ 277ක්ද, පිස්තෝල සහ කුඩා ගිණිඅවි ( මිනිවුෂී, SSMG. MP-5 ) සදහා යොදන මිමි 9 උණ්ඩ 474 සහ වෙනත් ගිනි අවි සදහා යොදන උණ්ඩ 767ක් වශයෙන් තිබි සොයා ගෙන තිබේ.
මෙම ටී56 උණ්ඩ බහා තිබි ඇත්තේ ගෝනි යක උණ්ඩ 9321කද, විවෘත නොකළ පෙට්ට් හතරක උණ්ඩ 6000ක් ද,ඇලුම්ණියම් පෙටිටි එකොළහක උණ්ඩ 750 බැගින් උණ්ඩ 8250ක්ද, විවෘත කළ පෙටිටියක උණ්ඩ 375, වීවෘත කළ පෙටිටියක උණ්ඩ 1275 ක් වශයෙන් තිබි ඇත.ඊට අමතරව හිස් කොපු බහලු ගෝනි දෙකක 24221ක් ඇති බව සදහන් වේ.
කෙසේ වෙතත් මේවා සමිබන්දයෙන් කිසිදු නිතිමය පියවරක් ගෙන නොමැති අතර එවැනි නිතී විරෝධි අවි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුව ඇතත් සංස්තාවේ ඉහළ නිළධාරින් එය රහසිගතව තබා ගෙන තිබේ.
මෙම පතුරම් පසුගිය යුධ සමයේ අත් අඩංගුවට ගන්නා ලද මෙම අවි සහ උණ්ඩ පාලකයන්ගේ අවශ්‍ය තාවයන් මත ප්‍රයෝජනයට ගැනීම සදහා ඉතාමත් රහසිගතව සගවා තැබූ බවට සැක පහල වී ඇත. පසුගිය කාලය පුරාවටම සංස්තාවේ ඉහළ කළමණාකාරිත්වයට හමුදා නිළධාරියෙක් පත් කිරිමත් සංස්තාවේ ආරක්ෂාව රක්න ලංකා ආයතනය බාරව තිබීමත්. නාවික හමුදාව සිදුකල මෙහෙයුම් රක්න ලංකා ආයතය ඒකබද්ධව ඇවන්ගාඩ් ආයතනය හරහා සිදුකරන බවට කැබිනට් මන්ඩලය දැනුවත් කර නාවික හමුදාවෙන් මුහුදු ආරක්ෂණ කටයුතු පවරා ගත්බව නිසා මෙම සැකය තවත් ස්තිර වී ඇත.කෙසේ වෙතත් මෙහි තිබු ගිනි අවි පාතාලය අතට පත් නොවු බවට සහතිකයක් දිමට හැක්කේ කාටද? එසේම රටේ සිදුවූ ඝාතන වලදී මෙහි තිබූ උන්ඩ පාවිච්චි කරාද නොකරාද යන්න් දන්නේ කවුද?
කෙසේ වෙතත් ඉදිරියේ මැතිවරණ සමය නිසා මෙවැනි නිති විරෝධි අවි ගබඩා පැවතිම සාමයට බධාවක් හා ජිවිතවලට මෙන්ම දේශපාලන නායකයින්ගේ කටයුතු වලට තර්ජනයක් බව කිවයුතුය. එසේම මෙම උණ්ඩ යුද්ධයේදී අත් අඩංගුවට ගත් දෑ වන්නේ නම් ඒවා හමුදාවේ හෝ පොලීසියේ පාවිච්චියට ගැනීමට පෙර අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණය මගින් අවසර ලබා ගත යුතුය. එසේ නොකිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරිමකි.
මේ වනවිට තෙල් සංස්තාවේ වෘත්තිය සමිති නායකයෙකුවන ඩී ඒ රාජකාරුණා මහතා සංස්තාවෙි සභාපතිවරයා ලෙස පත්ව ඇති මොහොතක මෙම නිතිවිරෝධි අවි ගභඩාව සමිබන්ධයෙන් තොරතුරු සොයා ගැනිම අපහසු නොවන බව සදහන් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *