තමන් ජිවතුන් අතර සිටින තුරු අනුරට ජනාධිපතිවන්නට ඉඩ නොදෙන බව පැවසු ලොහාන් රටගිහින්

ජනාධිපති මැතිවරණය නිමාවී නව ජනාධිපති වරයා පත්වීපාර්ලිමේන්තුව විසුරුවා නව කැබිනට් මණ්ඩලය පිහිටවූ පසු මැතිවරණ සමයේ වේදිකාවල චණ්ඩි පාට් දමමින් ජනතාව චූන් කල පොහොට්ටුවෙි සමහර චන්ඩි දේශපාළනයන් පැදුරටත් නොකියා රට හැර ගොස් තිබේ.
තමන් ජීවත්ව සිටින තුරු අනුරට ජනාධිපති වෙන්නට ඉඩ නොතබන බවට කයිවාරු ගැසූ, ඇමති තනතුරු දරද්දී කට ගොන්නක් බීගෙන බන්ධනාගාර තුලට මහ රෑ ගණිකාවක් සමග රිංගා බන්ධනාගාර නිලධාරින්ටද තග දමා බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකුගේ හිසට පිස්තෝලය තබා මරණ තර්ජන කර ,තමන් මහනුවර චණ්ඩියා කියමින් තමන්ගේ ඔලුවට උඩින් කපුටෙකුටවත් පියඹන්න බැරි බව පැවසූ බේබදු දේශපාළකයා මේ දිනවල සොයා ගන්නවත් නැති බව මහනුවර ජනතාව පවසති.
මහනුවර දිස්ත්‍රික්කයට හෝ තමන් නියෝජනය කරන ආසනයකට හෝ මහයියාවෙි ජනතාවට හෝ සේවයක් නොකල ලොහාන් සොයා ගන්නටවත් නැතැයි ඔහුට ජන්දේ දුන් ජන්ද දායකයෝ පවසති.
පාතදුම්බර උඩදුම්බර තෙල්දෙණිය යන ආසන වලින්ද අන්ත පරාජය ලැබූ ලොහාන් පැදුරටත් නොකියා රට ගොස් ඇත්තේ ඔහුට එරෙහි නඩු ඉදිරියේදී විභාග වන නිසාය.
මහනුවර ජන්ද දායකයන් රවටා පියාගේ නම විකුණා පාර්ලිමේන්තුවට රිංගා ගත් කාඩ්බෝඩ් චන්ඩියා සොයා ගන්නටවත් නැතැයි ඔහුගේ චන්ද දායකයෝ පවසති.
තෙල්දෙණිය ආසනයේ තරුණයන් රවටා ඔවුන්ට රැකියා දෙනබව පවසා ඔවුන්ගේ ජන්දය ලබාගෙන මගහැර සිටි ලොහාන් ඉදිරි මැතිවරණ වලදී දේශපාලනයෙන් ඉවත් කරන බවද මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *