හිටපු ඇමතිගේ නොරොච්චෝලේ ගල් අගුරු අලු ටෙන්ඩරය අහොසි නොකිරිමෙන් ඊයේ දිනට පමණක් ලක්ෂ 20ක් රටට අහිමි වෙයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේන් දහනයවී ඉවත් කරන අලු මෙතෙක් අලෙවි කළ මුදල්ට වඩා ටොන් එකක් රුපියල් දසදහසක් අඩුවෙන් ලබාදිම නිසා ඊයේ දිනයේ රාත්‍රි 8 වන විට රුපියල් ලක්ෂ 20 අධික පාඩුවක් රටට සිදුවි තිබෙි.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් දහනය වී ඉවත් කරන ගල්අගුරු අලු නොයෙකුත් නිෂ්පාදන සදහා අලෙවි කරන අතර එවා මෙතෙක් අලෙවි කළ ටෙන්ඩරය අහෝසි කර ඔක්තෝම්බර් 01 දින සිට රුපියල් දසදහසක් අඩුවෙන් අලෙවි කිරිමට තිරණය කිරිම නිසා රජයට වසර දෙකකට රුපියල් බිලියන හයක් අහිමිවන බව අප පසුගිය 30දා රට හමුවේ හෙළි කළේය.
මිට වසරකට ප්‍රථම එම අලු අලෙවි කිරිම සදහා වසර තුනකට ටෙන්ඩර් කැදවු අවස්ථාවෙි ඉන්සි සිමෙන්ති සමාගම අලු ටොන් එකක් රුපියල් 13300කට මිලදි ගැනිමට තේරි පත් වු පසු වසරක් ඉක්ම යන තැන එම ටෙන්ඩරය අහොසි කර නැවත ටෙන්ඩර් කැදවිමට මණ්ඩලය තිරණය කළේය.
ඒ අනුව යලි ටෙන්ඩර් කැදවිමේදී හිටපු විදුලිබල ඇමති , ලේකම්, සාමන්‍යධිකාරිවරයා ඇතුලු පිරිස එකවී නැවත මිට පෙර එම අලු ටෙන්ඩරය ගත් සමාගමම මැදිහත්ව ටෝකියෝ සමාගම නමින් මෙට්‍රික්ටොන් එකක් රුපියල් 2300ක මිලකට ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇති අතර එහි ගණන් ගැටලුවක් නිසා නැවත ටෙන්ඩර් කැදවා ඒ අනුව තෙවැනි ටෙන්ඩරය ටොන් එකක් රුපියල් 2900 මිලකට එම සමාගමට අනුමත කළේය.
එමගින් මිට පෙර අලු ටෙන්ඩරය රුපියල් 13300 අලෙවි වු අතර ලබන ඊයේ සිට ටොන් එකක් 2900 බැගින් ඉදිරි වසර දෙකකට ලබා ගැනිමට පසුගිය සැත්තැම්බර් 04 වෙනි දින අනුමත කළේය.කෙසේ වෙතත් අප පෙන්වා දුන් පරිදි එය අවලංගු කිරිමට විදුලිබල අමාත්‍යංශය කටයුතු නොකිරිම නිසා ඊයේ සිට නව මිල ගණන් යටතේ අලු ලබා ගැනිමට එම ආයතනය කරයුතු ආරම්භ කළේය.
ඒ අනුව ඊයේ රාත්‍රිවන විට අලු ටොන් 35ක් බලාගාර භූමියෙන් රැගෙන ගොස් අති අතර පැරැණි මිල වෙනස් කිරිම නිසා රජයට අහිමිවු ආඩුව ලක්ෂ විස්සට වැඩි බව වාර්ථාවෙි.
මේ අනුව මසකට බලාගාරයෙන් දහනය වන ගල් අගුරුවලින් ඉතිරිවන අලු ටොන් 25000ක් අලෙවි වන අතර ( දැනට අලෙවි වන මිල 13300- නව මිල 2900 = 10400( අලාභය) මසකට අලු ටොන් 25000 ක් 10400 බැගින් අලෙවි කිරිමෙන් මසකට රුපියල් 260 000 000 අලාභයක් සිදුවන අතර එය වසර දෙකකට රුපියල් 6 240 000 000 කි)ඉන් සිදුවන අලාභය බිලියන හයකි .වර්ථමාන ඛණිජ තෙල් අමාත්‍යංශය හා විදුලිබල මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින අතර වහාම මෙම රුපියල් බිලියන හය රටට ඉතිරි කිරිමට මෙම ටෙන්ඩරය නවතාලිමට මැදිගත්වන ලෙස එහි සේවකයෝ ඉල්ලා සිටිති.
මහ මැතිවරණයට රුපියල් බිලියන 11ක් වැය වන අතර මෙම ටෙන්ඩරය අහෝසි කර නියම මිලකට ලබා දුන්නේ නමි මැතිවරණයට වැය වන මුදලින් බිලියන හයක් සොයා ගත හැකි අතර නැතහොත් එසේ ඉතිරි කර ගන්නා මුදලින් රටේ ජනතාවගේ සුභසාධන කටයුතු හෝ සහනාධාර ලබාදිමට යොදා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *